චන්ද්‍රිකා හා හිරුනිකාට ගල් රාජිතට විදුලි විසන්ධි

 

 

ප්‍රහාරයෙන් අනතුරුව
ප්‍රහාරයෙන් අනතුරුව

chaandrikasssa

බේරුවල රැලියකට සහභාගීවී පළාත් සභා මන්ත්‍රී ඉස්තිකාර් ජෙනිල් මහතාගේ නිවසට රෑ කෑම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා හා පළාත් සභා මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය ගිය අවස්ථාවේ ගෙට ගල් වරුසාවක් එල්ලවී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
මේ සිද්ධියෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආධාර කරුවන් සිව් දෙනකුටද වාහන 4කට ද නිවසටද ආලාබ හානිවී ඇතැයි කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර තිබේ.

සිද්ධිය මාධ්‍යයට විතර කළ පළාත් සභා මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර

“අපි ඔක්කොමල ගියා අපේ රැස්වීම සංවිධානය කරපු පළාත් සභා මන්ත්‍රී තුමාගේ ගෙදර, ගෙදරට යන්න ඇතුල් කරන කොටම ඒ ගේ ඉස්සරහ ඉන්න ජනාධිපති තුමාට සහය දක්වන පිරිසක්, එතන හිටිය විස්සක් තිහක්, එතෙන්ට එස්ටීඑෆ් ගාර්ඩ් එක දාල හිටිය, ඒ ගෙදරට පොලිස් ගාර්ඩ් එක දාල හිටිය, ඒ ඔක්කොම ඉස්සරහ අපිට කෑ ගැහුවා, පරුෂ වචන කිව්ව, හූ තිබ්බ. එහෙම කරලා අපි ගේ ඇතුළට ගිහිල්ල කන අතරෙ සද්දයක් ඇහිලා බලන කොට අපි හිටපු ගෙදර ගේට්ටු කඩන්න හදල තිබුණ. ඊට පස්සේ අපි එලියට යන කොට මැඩම් ගෙ වාහනේට ගලක් ගැහුව” යනුවෙන් ඇය පැවසුවාය.

 

 

විදුලිය විසංදි

මෙත්‍රීපාල සිරිසේන මහතාට ආදාර පිනිස කරන්දෙනිය ඌරගහ බස් නැවතුම් පොළේ අද පැවැති රැස්වීමේදී හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා කතා කරද්දී විදුලිය විසංදි විය.

‘ කව්දෝ දේශපාලඥයෙකු පුංචි ස්විච් එකක් ඔෆ් කළා. ඒක කළ කෙනා අපි දන්නවා. හැබැයි අට වෙනිදට මේන් ස්ව්චි එකම ඕෆ් කරනවා යැයි කීවේය.’

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.