ඡන්ද මධ්‍යස්ථානයක ගැටුම් ඇතිවුව ඡන්ද විමසීම ශුන්‍ය කරනවා-මැකො

monitors

ඡන්ද මධ්‍යස්ථානයක කලහකාරී සිදුවීමක් ඇතිවුවහොත් වහාම ඡන්දය අවලංගු කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි

එවැනි අවස්ථා වලදී ඡන්ද විමසීම අවලංගු කොට වෙනත් දිනයක ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බවයි මාධ්‍ය හමුවකට සහභාගි වූ මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටීයේ.

සුළු වේලාවක් හෝ ඡන්ද විමසීම අත් හිටුවීමට සිදුවුවොත් එහි ඡන්ද විමසීම ශුන්‍ය කරන බව  මහින්ද දේශප්‍රිය කියා සිටියේ ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී දුෂණ අක්‍රමිකතා සිදුවිය හැකි බවට පැතිරී යන ආරංචි පදනම් විරහිත බව  කියා සිටිමින්.

‘ යුද හමුදාව කැඳවීමක් සිදුවන්නේ නැහැ. යුද හමුදාව කැඳවනු ලබන්නේ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් ලැබුනොත් පමණයි,” යනුවෙන් ඔහු කියා සිටියේය.

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ජනාධිපතිවරණය කල් දැමීමේ සුදානමක් නොමැති බවත් මහින්ද දේශප්‍රිය පැවසී.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.