ජනතා උපහාර මැද්දේ ශිරන්ති CID යට

shiranthioහිටපු ජනපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය මීට සුළු වේලාවකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියාය. රතු කුරුස සංවිධානයෙන් සිරිලිය පදනමට ලබාදී තිබූ ඩිෆෙන්ඩර් රථයක වර්ණ වෙනස් කර එය යෝෂිත රාජපක්‍ෂගේ පරිහරණයට ලබාදීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීමට ඇය මෙසේ පැමිණියාය.

ඇය සමඟ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතා ද පැමිණ සිටියහ. ඔවුනට සහය පළ කරමින් විශාල පිරිසක් මඟ දෙපස රැස්ව සිටිති. හිටපු ජනාධිපතිවරයාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා හෙට (16) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇති අතර රුපියල් මිලියන 320ට අධික වියදමකින් චීනයේදී කක්ෂගත කළ සුපීම් සැට් 1 නමැති චන්ද්‍රිකාව සම්බනධයෙන් ඔහුගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.