ජනතා විමුක්ති පෙරමුණේ දෙනියාය සංවිධායකට පහරදීමක්

deniyaya

දෙනියාය එන්සල්වත්ත වතුයායේ සේවයේ නියුතු සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ විධායක සභික හා ජනතා විමුක්ති පෙරමුණේ දෙනියාය ප‍්‍රදේශයේ සංවිධායක ඒ.ඩී. ආරියදාස මහතාට ඊයේ රාත‍්‍රි 12.30ට පමණ ආණ්ඩුවේ මැර පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදී ඇති බව එම සංගමයේ සභාපති රාමලිංගම් චන්‍ද්‍රසේකර් මහතා පවසයි.

ආරියදාස මහතා තම සේවය නිමකර නිවස බලා යමින් සිටියදි ජනාධිපති අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ පෝස්ටර් අලවමින් සිටි පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර තිබේ.

“මූත් අරුන්ගෙ එකෙක් තමයි. උඹව පොලිසියට ගෙනියන්න ඕනා. අපි එෆ්.ටී.එෆ් එකේ.” යැයි කියමින් මැරයෙකු විසින් ආරියදාස මහතාගේ හිසට පිස්තෝලයක් තබා බියගන්වා අතින් පයින් හා පොලු මුගුරුවලින් පහර දී ඇත.

අසල්වැසියන්ගේ පැමිණීමත් සමග මැරයන් පැනගොස් ඇති අතර ඔහු මේ වනවිට දැඩි අසාධ්‍ය තත්වයෙන් පසුවේ. ඔහු පළමුව දෙනියාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව මාතර මහ රෝහල වෙත මාරුකර යවා ඇත.

ඉහත සිදුවීමට අදාල පැමිණිල්ල දෙනියාය පොලිසිය හෝ දෙනියාය රෝහල් පොලිසිය විසින් බාරගෙන නොමැති බවත් ජනාධිපතිවරණයක් පැවැත්වීමට සූදානම්ව පවතින අවස්ථාවක ආණ්ඩුවේ මැරයින් විසින් තමන්ට එරෙහිව කටයුතු කරන පාර්ශවයන්ගේ සාමාජිකයෙකුට සිදුකළ මෙම ම්ලේච්ඡ ප‍්‍රහාරය තම සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් ආරියදාස මහතාට පහරදී නිදැල්ලේ හැසිරෙන මැරයින් වහා අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කරන ලෙස අදාල බලධාරීන්ට බලකර සිටින බවත් රාමලිංගම් චන්‍ද්‍රසේකර් මහතා මෙහිදී පැවසීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.