ජනපති අපේක්ෂකයන්ගේ වත්කම් හෙළිදරව් කරන්න

 – kusal pera

 මෙවර ජනපතිවරණය සඳහා ඉදිරිපත්වීමට සූදානම්වන අපෙක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගන්නා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

වසර 1975 අංක 01 හා පසුව 1988 අංක 74 ලෙසින් සංශෝධිත වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය යටතේ සියලු ජනාධිපති අපේක්ෂකයින් තමන්ගේ හා පවුලේ වත්කම් සම්බන්ධ ප්‍රකාශයක් නාම යෝජනා සමගින් ඉදිරිපත් කිරීමට බැඳී සිටින බවද ඔහු සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

කෙසේවවුද එය එකී පණතින් අනිවාර්ය කර නොමැති බැවින් එය සිදු නොවන බවද ඔහු පෙන්වාදී ඇත.

ඔහු ඡන්ද දායකයකු ලෙස කර ඇති මෙම ඉල්ලීමට කරුණු 5ක්ද ඇතුළත් කර තිබේ.

එසේම අදාල කරුණු ඉටු කිරීම හරහා මැතිවරණ කොමසාරිස් යන ධූරය ස්වාධීන එකක් බව ඔප්පු කිරීමටද මැතිවරණ කොමසාරිස්වරයාට අවස්ථාවක් ඇතැද කුසල් පෙරේරා සිය ලිපියෙන් පෙන්වා දී ඇත.

(Sri Lanka Mirror)

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.