ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් දහසය දෙනෙක්

 

lanka republic

 

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඊයේ (5දා) පස්වරුව වන විට අපේක්ෂකයන් දහසය දෙනෙක් ඇප මුදල් තැන්පත් කර තිබිණි.

 

එම අපේක්ෂකයන්ගෙන් පහළොස් දෙනෙක් දේශපාලන පක්ෂවලින්ද, එක් අයෙක් ස්වාධීනවද නාම යෝජනා ඉදිරිපත් කර ඇති බව අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස මහතා කියයි.

 

ඇප මුදල් භාර ගැනීම ඉරිදා (07දා) දහවල් 12.00ට අවසන් කෙරෙන බවද හෙතෙම පැවැසීය
ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයෝ මෙසේය.

ඒ.එස්.පී. ලියනගේ (ශ්‍රී ලංකා කම්කරු පක්ෂය)
සුන්දරම් මහේන්ද්‍රන් (නව සම සමාජ පක්ෂය)
කටුගම්පොළ අප්පුහාමිලාගේ ලසන්ත ප්‍රියංකර (ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය)
රාජපක්ෂ ආරච්චිලාගේ නාමල් අජිත් රාජපක්ෂ (අපේ ජාතික පෙරමුණ)
ජනසෙත පෙරමුණ බත්තරමුල්ලේ සීලරතන හිමි,
ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු පක්ෂයේ එම්.බී.තැමිණිමුල්ල මහතා,
සමාජවාදී සමානතා පක්ෂය පානි විජේසිරිවර්ධන මහතා,
එක්සත් සමාජවාදී පක්ෂය සිරිතුංග ජයසූරිය මහතා,
එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා,
එක්සත් ලංකා මහා සභා පක්ෂය ආචාර්ය නාත් අමරකෝන් මහතා,
ශ්‍රී ලංකා ජාතික පෙරමුණ විමල් ගීගනගේ මහතා,
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පල්ලෙ වත්තේ ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන මහතා,
ස්වාධීන අයි.එම්.ඉල්යාස් මහතා

එක්සත් සාම පෙරමුණේ අයි.එන්.එම්.මිෂ්ලාර්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව
ස්වාධීනව අනුරුද්ධ පොල්ගම්පළ යන මහත්වරු මෙසේ ඇප තැන්පත්කර තිබේ .

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.