ජනාධිපතිවරයා තිරුපතියට

මීට  පෙර ගිය අවස්ථාවක
මීට පෙර ගිය අවස්ථාවක

 

මහින්ද රාජපක්ෂ ජනපති විශේෂ ගුවන් යානයකින් දකුණු ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ සුප්‍රසිද්ධ තිරුපති කෝවිලට ගිය බව වාර්තා වේ.

මේ ගමනට ආණ්ඩු පක්‍ෂයට  අළුතින් එක්වූ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාත් එක්වී ඇත.

ජනාධිපතිවරයා ගේ ගමනට විරෝධය පල කරන  පිරිස් දෙවොලට යන පාර අසලදී විරෝධය පල කිරීමට ඉඩ ඇති හෙයින් පොලිස් ආරක්ෂාව දැඩි කොට ඇත.

මේ වන විටත් සැක කටයුතු කීප දෙනෙක් ඇත අඩංගුවට ගත් බව අන්ද්‍රා ප්‍රදේශ පොලීසිය කියා සිටී.

 

දින දෙකක සංචාරයක් සඳහා ජනපති ඉන්දියාව බලා පිටත්වන අතර ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩ සටහනක්ද ක්‍රියාත්මක කර ඇති බව හින්දු පුවත්පත පැවැසීය.

අද ප.ව. 4.30 ට ජනපතිවරයා ඉන්දියාවට ළගාවීමට නියමිත අතර පස්වරුවේ පළමුවරට කෝවිලේ ආගමික වතාවත් වල නිරත වේ.

නැවතත් පසුවදා පෙරවරුවේ ආගමික වතාවත්වල යෙදීමෙන් අනතුරුව හෙට පෙ.ව. 9.30ට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිතය.

මහානුභාවසම්පන්න මූර්තියක් ලෙස හැඳින්වෙන මෙකී දේව මූර්තිය පල්ලව වංශික රැජනක් වන සාමවයි (ඉචථචමචඪ) යනුවෙන් ප්‍රචලිත ශ්‍රී කාන්දවන් පෙරුන්දේවි විසින් ක්‍රිස්තු වර්ෂ හත්වැනි සියවසේදී තිරුමාලා තිරුපති කෝවිලට පූජා කරන ලද බව කියැවේ.

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.