” ජන සටන ” අද හයිඩ් පිටියේ දී

ekaabddhaරණවිරු දඩයම, එට්කා ගිවිසුම, ඡන්ද අයිතිය පැහැර ගැනීම, දේශපාලන පළිගැනීම් ඇතුළු කරුණු කිහිපයක් යටතේ ඒකාබද්ධ විපක්ෂය විසින් සන්වුධානය කරනු ලබන ” ජන සටන ” විරෝධතා රැලිය අද (17) සවස 3 ට කොළඹ හයිඩ් පිටියේ දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ,ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ මෙන්ම දෙමල හා මුස්ලිම් ජනතාව නියෝජනය කරන පක්ෂ ද පළාත් පාලන නියෝජතයින්, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන හා කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මීට සහභාගී වීමට නියමිතය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුනවර්දන, සෝමවංශ අමරසිංහ, වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, විමල් වීරවංශ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු මෙම රැලියට සහභාගී වන බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.