ජිනීවා පිළේ නායකත්වයට ජී එල් -මුල් තැන ලලිත් වීරතුංගට

 

lalithw

Lalith Weratungato take Lead Role at Geneva?

ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරපත් වීමට නියමිත ජිනීවා  මානව හිමිකම් සැසිවාරය සඳහා  සහභාගී වෙන  පිළේ  නායකත්වයට මහාචාර්ය  ජී එල් පීරිස් පත් කිරීමත්  සමගම  බොහෝ දෙනා තුල  පන නැගුන ප්‍රශ්නය වුනේ ගියවර  නායකත්වය දුන් මහින්ද  සමර සිංහට මොකද වෙන්නේ යන්නයි .

දින කීපයකට පසුව  මහින්ද  සමර සිංහ ඇමතිවරයාත් පත් කෙරින .ඊ ලඟට  මතුවූ ප්‍රශ්නය වුනේ ජිනීවා අර්බුදය විසඳා ගන්නේ  කෙසේද යන්න පිළිබඳව පරස්පර  අදහස් ඇති දෙදෙනෙක් එකට  වැඩ කරන්නේ  කොහොමද යන්නයි.

gl pieries jpg

 

මහාචාර්ය ජී එල් පීරිස් සහ මහින්ද  සමර සිංහ ඇමතිවරයා අතර ශීතල යුද්ධයක් පවතින  බව ප්‍රසිද්ධ රහසකි.මහින්ද  සමරසිංහ ඇමතිවරයා විදේශ ඇමති ධුරය  සඳහා  ඇස  ගසා ගෙන සිටින  බවමහාචාර්ය ජී එල් පීරිස් කල්පනාකරන බව මතයක් පැතිර තිබේ .

 

mahinda samara)

ජිනීවා අභියෝගය  විසඳීම  සඳ හා  තමන්ගේ  උපරිම  බලය යෙදවීමට  ජනාධිපති තවරයා උත්සාහ දරන බව පෙනෙන්ට තිබේ .

මේ අතරවාරේ කණ්ඩායමේ සමතුලනය රැක  ගැනීම   සඳහා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගත්  කණ්ඩායමට ඇතුලත් කොට ඇත .

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඇමරිකාවේ සංචාරයක  නිරත වෙමින් බලවත් රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් සමග දීර්ග  ලෙස  කරුණු දක්වා  සිටියේය .

මේ අනුව බලනවිට මෙවර ජිනීවා සැලැස්මේ මෙහෙයුම් කරුවා  වනුයේ ලලිත් වීරතුංගයි.

ප්‍රසිද් ධියේ  මොනවා කථා කළත් ශ්‍රී ලංකාව සහ ඇමරිකාව ප්‍රධාන බටහිර බලවතුන් අතර යම් ආකාර එකඟතාවක්  ඇති බව පෙනෙන්නට තිබේ.

sampanthan

මේ එකඟ තාවට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ  දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරයයි.

ජාතික ගැටලුව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සමග එකඟ තාවක් ගොඩ නගා ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන අතර  වාරේ දෙමළ ජාතික සන්ධානයත් තමන්ගේ ඉල්ලීම් කේවල් කිරීම සඳහා උපරිම ලෙස  උත්සාහ කරනු ඇත.

මේ කථා බහේදීත්  ලලිත් වීරතුංගට කැපී පෙනෙන භූමිකාවක් හිමිවෙනු ඇත.

ජී එල් පීරිස් සහ  මහින්ද සමරසිංහට සාපේක්ෂව ලලිත් වීරතුංග නැවුම්ය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.