තාජුඩීන්ගේ යැයි සැක අස්ථි කොටස් ඩී.එන්.ඒ පරීක්ෂණයට

wasim thajudeenමාලඹේ සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ රසායනාගාරය පරික්ෂාවේදී සොයාගත් අස්ථි කොටස් 26 මොහමඩ් වසීම් තාජුඩීන්ගේමදැයි තහවුරු කරගැනීමට  ඩී.එන්.ඒ පරීක්ෂණයක් සදහා බොරැල්ල ජින්ටෙක් ආයතනයට බාරදෙන ලෙස  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් නියෝග කළේය.

ඔහු එම නියෝගය කළේ වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය පිළිබද නඩුව අද කැදවූ අවස්ථාවේදීය. එහිදී මහේස්ත්‍රාත්වරයා කීවේ ඒ සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් ද ලබා ගන්නා ලෙසය.

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ පළමු මරණ පරික්ෂණය අතරතුර මෘත ශරිරයේ කොටස් අස්ථාන ගත වීම සම්බන්ධයෙන් මාලඹේ සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ රසායනාගාරය පරික්ෂා කිරිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ඉකුත් 03 වැනිදා එහි ගොස් තිබුණි. එහිදී මෙම අස්ථි කොටස් සොයා ගැනුණි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.