ගිවිසුම ගැන මැ කො මන්ද නිහඬ?

 macoq

ජනාධිපති මැතිවරණ පනතේ 83 වැනි වගන්තිය යටතේ මැතිවරණ නීති විරෝධී ක්‍රියාවකට ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ වූ බවට තහවුරු වුවහොත් ඔහු මෙවර මැතිවරණයෙන් නැවත පත්වුවත්  ඔහුගේ පත්වීම අවලංගු කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් ඇතැයි හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා කියයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙම වරද සිදුකළ තැනැත්තාට දඬුවම්  ලබාදීමට හැකි බවත්, මෙම වරද නිසාම මහින්ද  රාජපක්ෂ මහතා මෙම මැතිවරණයේදී ජනාධිපති ධුරයට  පත්වුවහොත් එම පත්වීම ශුන්‍ය කිරීමට අධිකරණයට බලය ඇති බවත් සරත් එන්. සිල්වා මහතා කීය.

 

sarath_n._silva_1

 

ඒ පිළිබඳව පැහැදිලි කළ සරත් එන්. සිල්වා මහතා, මෙසේද පැවසීය.

“. මෙය පළකිරීමට පෙර මෛත්‍රීපාල මහත්මයාගෙන් සහ රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් විමසීමේ යුතුකමක් පුවත්වත්වලට තිබුණා. එසේ නොවන ලෙස ක්‍රියාකිරීම තුළ ජනාධිපති මැතිවරණ පනතේ 83 වැනි වගන්තිය යටතේ මැතිවරණ නීති විරෝධී ක්‍රියාවක් වෙනවා. මේ නිසාම මහින්ද රාජපක්ෂ මහතා නැවත පත්වුවත් මෙම ක්‍රියාව නිසාම ඔහුගේ පත්වීම අවලංගු කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය තිබෙනවා”

“ තිස්ස අත්තනායක මහතා මෙය ඉදිරිපත් කිරීම තුළ පැහැදිලිවම දණ්ඩ නීති සංග්‍රහයේ 459 වැනි වගන්තිය යටතේ වරදක් කරනවා. එය ප්‍රසිද්ධ කළ පුවත්පත් 83 වැනි වගන්තිය යටතේ වරදක් කරනවා.ඒ නිසා මෙය පැහැදිලිවම මැතිවරණ වරදක්. * යනුවෙන්ද මෙහිදී සිල්වා මහතා පැවසීය.

sirra

මැතිවරණ කොමසාරිස්වරයා වහාම  ක්‍රියාත්මක විය යුතුයි

මේ පිළිබඳව අදහස් පල කළ  දේශපාලන විචාරකයින් කියා සිටියේ සරත් සිල්වා පවසන ආකාරයට තිස්ස අත්තනායක  විසින් සිදු කොට ඇති බව කියන ක්‍රියාව මෙතරම් බරපතල

නම් මැතිවරණ කොමසාරිස්වරයා වහං ක්‍රියාත්මක් විය යුතු බවයි.මේ අතරවාරේ තිස්ස අත්තනායක තවමත් ගිවිසුම වෙනුවෙන් පෙනීසිටින හෙයින් කවුරු ඇත්ත කියනවාද යන්න පිළිබඳව අදහසක් ඇති කර ගැනීම දුෂ්කර වී ඇත.

ජනාධිපතිවරණය හමාර වී ගන්නා ක්‍රියා මාර්ග වලට වඩා මේ  අවස්ථාවේදී මැතිවරණ නීතී රීති කඩවීමක් සිදුවී ඇත්දැයි ඡන්දදායකයාට වටහා දීමට කටයුතු කිරීම මැතිවරණ කොමසාරිස් ගේ වගකීමකි.

තිස්ස අත්තනායක ඇමතිවරයා විසින් ඉදිරිපත් කළ අත්සන් කල බවට කියන ගිවිසුම රජයේ රස පරීක්ෂක වෙත යොමු කොට ජනතාවට සත්‍ය හෙළිදරව් කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා කටයතු කල යුතු බව මේ පිරිස පෙන්වාදේ.

පත්වීම ශුන්‍ය බව ප්‍රකාශයට පත්කිරීමට තිබෙන අධිකරණයට බලය ගැන හිතනවාට වඩා මේ මොහොතේ   මැතිවරණයට පෙර කල හැකි දේ ගැන හිටපු අගවිනිසුරුවරයාත්, රනිල් වික්‍රමසිංහ මහතා  මෙන්ම හ මෛත්‍රීපාල සිරිසේනත් කල්පනා කලයුතු බව දේශපාලන විචාරකයින් පෙන්වාදේ.

එන්තරවාසි යවා තිස්ස අත්තානයක ගෙන් වන්දි ලබා ගන්නවාට  වඩා තමන්ට අසාධාරනයක්  සිදුවේ ඇත්නම් ඊට කඩිනම් සහ ජනතාවට දැනෙන පියවරක් පොදු විපක්ෂයට

ගත හැකි විය යුතු බවට අදහස් පල වී තිබේ.

 විමල් වීරවංශ ගෙන් ප්‍රතිචාරයක්

[vsw id=”/AETzUVDjidc” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.