තිස්ස අත්තනායක රක්ෂිත බන්ධනාගාරගත කෙරේ………..

thissa-aththanayakaඑක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක දෙසැම්බර් 5 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී විජේවර්ධන අද (19) නියෝග කළාය. ඔහු චෝදනා ලැබුවේ පසුගිය ජනාධිපතිවරණයේදී කූඨ ලේඛන සකස් කළ බවට එල්ල වූ චෝදනා මතයි. සිද්ධියට අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදී අද (19) කැඳවනු ලැබීය. අදාළ චෝදනාව සම්බන්ධයෙන් තිස්ස අත්තනායකට ඇප ලබාදීම ප‍්‍රතික්ෂේප කළ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!