තිස්ස ආණ්ඩුවට එක්වූ ඇත්ත හේතුව කුමක්ද?

 

 

thissa

 

ආණ්ඩුවට එක්වූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහා ලේකම් තිස්ස අත්තනායක කියන පරිදි ඔහු පක්ෂය හැර ගියේ ඔහුට කල කෙනෙහිලි  හේතුවෙනි.

රනිල් වික්‍රමසිංහ වෙත යවන ලද ඔහුගේම ලිපිය උපුටා දක්වතොත්-

‘හිත හදාගෙන පක්ෂයේ කටයුතු කර ගෙන යන්නටපසුගිය සති කිහිපයේ මා කිහිප විටක්ම උත්සාහ කළද,මලික්-රවී-මංගල කල්ලියෙන් මට ඒ සඳහා ඉඩක් ලබා දුන්නේම නැත.මීට දින කීපයකට පෙර (දෙසැම්බර්6) මා සංවිධානය කළ පක්ෂ විශේෂ මහ සමුළුවට මැර පිරිස් ගෙනැවිත් මා කතා කරන විට ‘හූ’ කියවන්නට රවී කරුණානායක මහතා කළකුමන්ත්‍රණය ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවන්ගෙන් එකක් පමණකි.’

 

පක්ෂයක මහා ලේකම්වරයෙක් කීප දෙනෙක් තමන්ට එරෙහි වූ පමණින් තීරණාත්මක ජනාධිපතිවරණයක් පවතින අවස්ථාවක එහා පැත්තට මාරු වෙතැයි සිතිය නොහැක.

අනෙක් අතට තිස්ස අත්තනායක කියා සිටීයේ නව සන්ධානය තුල එක්සත් ජාතික පාක්ෂිකයාට නිසි තැන ලැබිය යුතු බවයි. පාක්ෂිකයින් පිළිබඳව මේ තරම් හිතන මහා ලේකම්වරයා එහා පැත්තට ගොඩවීම තුලින්

පාක්ෂිකයාට සැලසෙන සෙත කුමක්ද?

thisa presi

 

තිස්ස අත්තනායක  ගේ ක්‍රියා කලාප හෙලා දකින  පිරිස  කියා සිටින්නේ ඔහු විශාල වසාල මුදලක් සහ වෙනත් වරදාන වෙනු වෙන් ආණ්ඩුවට එක්වූ බවයි.මේ සම්බන්ධයෙන් මේ තාක් කිසිදු සාක්ෂියක් ඉදිරිපත්  වී නැති හෙයින් ඒ ගැන යමක් කිව නොහැක.

ජනාධිපතිවරයා පැවසූ අන්දමට තමන්ගේ මහා ලේකම්වරයා ගියත් එහා පැත්තේ මහා ලේකම්වරයා තමන් වෙත ගෙන්වා ගැනීම මහා කජ්ජක් නොවේ.

මේ අනුව තිස්ස ආණ්ඩුවට එක් කර ගැනීම තුල  වැඩියෙන්ම ඇ ත්තේ සංකේතාත්මක වටීනාකමකි.

තමන් සතු සංකේතාත්මක වටීනාකම තිස්ස වික්කාද නැද්ද යන්න පිළිබඳව අනුමාන මත පදනම් වූ විවාද කොතෙක් කෙරුණත් මේ යට ඇති සැබෑ ගැටලුව හෙළිදරව් නොවනු ඇත.

thissa ranil

අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය

සැබෑව නම් ශ්‍රී ලංකාවේ පක්ෂ තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නොමැති වීම නිසා සිරගත වුනු තිස්ස අත්තනායක තවත් එවැනිම වූ සිර ගෙයකට පැනීමයි.

ඇමතිකමක් ලැබුනොත් තාවකාලිකව ඒ සිරගෙදර රනින් කල එකක් වනු ඇත.

රනිල් වික්‍රමසිංහ කෘත්‍යාධිකාරී මණ්ඩලය තම හිතවතුන්ගෙන් පුරවා ගෙන හිතුමතයට පක්ෂ පවත්වාගෙන යද්ද් තිස්ස අත්තනායක  ශක්ති පමණින් ගැටුම අවම කිරීමට උත්සාහ කළේය.එහාට මෙහාට වෙවී ඇඟ  බේරා ගැනීමට උත්සාහ කළේය. අවසානයේදී. රනිල් හා සජිත් සමගි කොට තමන්ගේ තැන ස්ථාවර  කර ගැනීමට උත්සහ  කළේය.

රවී සහ මංගල ආණ්ඩුවට යනවා නම් ගිය දෙන් යැයි කටයුතු කළේය,තමන්ටද යමක් කල හැකි යැයි පෙන්වීමට නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා අස්විය. එහෙත් චන්ද්‍රිකා සිදු කළ මෙහෙයුමෙන් අනතුරව තමන්ගේ තක්සේරුව වරදී බවත් තමන් යලි අස්ථාවර වී අති බවත්  ඔහු වටහා  ගත්තේය.

රනිල් ගේ උවමනාව පිට සජිත් හා සමගි කතා බහ කළත් තිස්ස අස්ථාවර වන විට රනිල් නිහඬ විය.

ranil chandrika

 මහන්සිවී වැඩ කරන  තිස්ස

එක්සත් ජාතික පක්ෂය තුල අභ්‍යන්තර   ප්‍රජාතන්ත්‍රවාදය   රැකුණේ නම් මහන්සිවී වැඩ කරන  තිස්ස වැනි කෙනකුට පදනමක් ඇති කරගැනීමට ඉඩ තිබිණි.ඒ ඉඩකඩ නති වූ තැන ඉතිරි වුනේ ගේම්වලට ඇති  ඉඩ කඩ  පමණි.

බල්ටි ගැසීම යනු  හුදී ජනයාට  මතුපිටින් පෙනෙන්නට ඇති ගේම් එක පමණි.ඊට යටින් තවත් බොහෝ ගේම් ඇත.

මේ සියලු ගේම් වලට ඉඩ සැදෙන්නේ පහළ  සිට  ඉහළට විහිදෙන අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැති හෙයිනි.

අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැති තැන  පක්ෂ නායකයාට  රිසි ලෙස පක්ෂය පවත්වා ගෙන යා හැකි නමුත් පිපිරීම් වලක්වා ගැනීම අසීරු වෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන් පක්ෂ හැම එකකම අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ගැටළු පවතී.

පාක්ෂිකයින් අවශ්‍ය වෙන්නේ  අප්පුඩි ගැසීමට පමණි.නායකයාට අවශ්‍ය තමන්ට මෙහයවා ගත හැකි කීප දෙනෙක් පමණි.

ඡන්දදායකයින්ට අවශ්‍යවන්නේ මන පිනවන  දර්ශන පෙළක් පමණි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.