තිස්ස රහස් ගිවිසුමක් ගැන කියයි-එජාපය එය ප්‍රතික්ෂේප කරයි

thissa

දෙමළ ජනතාවට ලබාදෙන සහන රැසක් පිළිබඳව එක්සත් ජාතික පක්ෂ නායක රනිල්වික්‍රමසිංහ සහ පොදු අපේක්ෂක  මෛත‍්‍රීපාල සිරිසේන අත්සන් කල රහස් ගිවිසුමක් තිබෙන බව ළඟදී ආණ්ඩුවට එක්වූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහා ලේකම් තිස්ස අත්තානයක පැවසීය.

මේ ගිවිසුමට අන්ව උතුරෙන් හමුදා ඉවත් කිරීම  සහ අධිඅරක්ෂිත කලාපයෙන් ඉවත් කරන ලද ජනතාවට යළිත් මුල් ඉඩම් ලබා දීමේ එකගතාවක් පවතී.

මීට ප්‍රතිචාර  දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් කියා සිටීයේ එවැනි කිසිදු රහස් ගිවිසුමක් නැති බවයි.

විහාර මහා දේවි උද්‍යානයේදී අත්සන් කරන ලද පොදු අවබෝධතා ගිවිසුම හැරෙන්නට පක්ෂ නායකයා වෙනත් කිසිදු ගිවිසුමකට අත්සන් කොට නැතැයි කබීර් හෂීම්  මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

 

[vsw id=”/kUyrVi-pvP0?list=UUCK3OZi788Ok44K97WAhLKQ” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.