තීන්දුව බෙදේ… දුමින්ද නිදහස ඉල්ලයි…

duminda112දුමින්ද සිල්වා  ඇතුළු 5 දෙනෙකුට මරණ දඩුවම නියම කරමින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර  ඝාතන නඩුවේ තීන්දුව අද (8) සවස  ප්‍රකාශයට පත් විය.

වර්ෂ 2011 /10/08 දින පැවති පළාත් පාලන ඡන්දය දින මුල්ලේරියාව වල්පළ හන්දියේදී   හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර  ඇතුළු සිවුදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා  ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා 17 යටතේ මෙම නඩුව ගොනුකර තිබිණි.

කොළඹ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න (සභාපති), පද්මිණි එන්.රණවක,  හා එම්.සී.ඩී.එස්. මොරායස් ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම නඩු විභාගය පවත්වාගෙන ගියේය.

නඩුවේ පළමු වැනි විත්තිකරු වූ අනුර තුෂාර ද මෙල්, තෙවැනි විත්තිකරු චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, හත් වැනි විත්තිකරු  සරත් බණ්ඩාර,  10 වැනි විත්තිකරු ජනක බණ්ඩාර ගලගොඩ සහ 11 වන විත්තිකරු  දුමින්ද සිල්වා යන අයට මෙලෙස මරණ දණ්ඩනය හිමි විය.

duminda111ඒ අනූව විත්තිකරුවන්ට එරෙහිව චොදනා  පැමිනිල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකර ඇති බවත් වැලිකඩ සිර මැදිරියේදී ජනාධිපතිවරයා නියම කරන දිනයක චුදිතයන් ප්‍රාණය නිරුද්ද වන තෙක් එල්ලා තැබීමට මහාධිකරණ නියෝග කළේය.

මෙම නඩුවේ  11 වන විත්තිකරු වු දුමින්ද සිල්වා යන අයගේ ප්‍රචන්ඩකාරී හැසිරීම සහ ඔහු සැපයු නායකත්වයෙන් මෙම සිදු වීම සිදු වී ඇති බවට පද්මිණි එන්.රනවක මහත්මිය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසුවාය. අධිකරන වෛද්‍ය වාර්තා අනුව දුමින්ද සිල්වා මත් පැන් පානය කර ඇති බවටත් මිය ගිය භාරත ප්‍රේමචන්ද්‍ර මහතා මත් පැන් පානය කර නොමැති බවට අනාවරණය වී ඇති බවත් විනිසුරුවරිය ප්‍රකාශයට පත් කළ අතර දුමින්ද සිල්වා ගේ නායකත්වය මෙම සිද්ධියට හේතු වී ඇති බවට තීන්දු කළාය.

නඩුවේ සෙසු විත්තිකරුවන් 8 දෙනා චන්දන ජගත් කුමාර, ලංකා රසාංජන, මාලක සමීර, විදානගමගේ අමිල, සුරංග ප්‍රේමලාල්, සමන් කුමාර අබේවික්‍රම, රෝහණමාරසිංහ සහ නාගොඩ ලියනආරච්චි චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරනු ලැබූහ. නිදොස්කොට නිදහස් කළ පුද්ගලයින් අතරින් 6 දෙනෙක් පුද්ගලික ඇමති ආරක්ෂක නිලධාරීන් වූ අතර 2 ක් ඇමති ආරක්ෂ සේවයට අනුයුක්ත කළ පොලිස් කොස්තාපල්වරු වූහ.

පංච පුද්ගල ඝාතන නඩුවේ වරදකරුවන්  වූ 5 දෙනාට මරණ දඩුවමට අමතරව ටී 56 ගිනි අවි ලග තබා ගැනීමේ වරදට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම විය. මීට අමතරව  මෙම වරදකරුවන්ට 1,2,3,4 චෝදනා සදහා අවුරුදු හය හමාරක සිරදඩුවමක් නියම විය. තවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි භාරත ලක්ෂ්මන් ප්‍රෙමචන්ද්‍ර  ඇතුලු සිව් දෙනෙකු ඝාතනය කිරීම, ඝාතනය කිරීමට කුමන්ත්‍රනය කිරීම, ජන්ද දායකයන් හට ගිනි අවිභාවිත කරමින් සාපරාධි බිය ගැන්වීම, නීති විරොධී රැස් වීමක සාමජිකයින් වීම ඇතුලු චොදනා 10 කට වරදකරුවන් කර රුපියල් 40,000 බැගින් වු දඩ මුදලක් ද ගෙවීමට නියෝග කළේය.

නඩු තීන්දුවේ ස්වරූපය

නඩු තීන්දුව ප්‍රකාශයට පත්වූයේ 2/3 ක බෙදුණු තීන්දුවක් ලෙසිනි. මෙහිදී විනිසුරු මඩුල්ලේ සභාපති ශිරන් ගුණරත්න මෙම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කළ යුතු බව ප්‍රකාශයට පත් කළේය. ඔහුගේ තර්කය වූයේ මෙම නඩුවේ විත්තිකරුවෙක් වූ දෙමටගොඩ චමින්ද නොහොත් චමින්ද රවී ජයනාත් නැමැත්තා අත්අඩංගුවට ගත් ආකාරයත් ඔහු සම්බන්ධව ඉදිරිපත් වූ විමර්ශන නිලධාරීන්ගේ සාක්ෂි පරස්පර විරෝධී වීමත් නිසා මෙම නඩුවේ නිසි පදනමකින් පවත්වාගත නොහැකි බවය.

 

ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ බහුතර තීන්දුව අනුව දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනකුට මරණ දඬුවම නියම විය. නඩුවේ දහවන විත්තිකරු වූ ජනක බණ්ඩාර ග‍ලගොඩ අතුරුදන්ව ඇති බැවින් එම විත්තිකරු නොමැතිව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 241 වගන්තිය යටතේ සෙසු විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව විභාගයට ගැනිණ.

තීන්දුවෙන් පසු…

තීන්දුව ප්‍රකාශ කරන මොහොතේ දුමින්ද සිල්වා ගේ පියා, සහෝදරියන් හා සෙසු විත්තිකරුවන්ගේ ඥාතීහු අධිකරණය වෙත පැමිණ සිටියහ.  තීන්දුව ප්‍රකාශ කිරීමත් සමගම දුමින්දගේ පියාගේ දෑසින් කදුළු වැගිරුණු අතර ඔහුගේ  සහෝදරියෝ හඩා වැටෙන්නට වූහ. ආරක්ෂක නිලධාරීන් විසින් මේ හඩා වැටෙන පිරිස් උසාවි ගොඩනැගිල්ලෙන් එපිටට ගෙන යන අයුරු දක්නට ලැබිණි. හිරුණිකා ප්‍රේමචන්ද්‍රත් තීන්දුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව හඩා වැටුණාය. ඇය උද්‍යෝගයකින් යුතුව මාධ්‍ය  ඇමතුවේ නැත. ඇය සිටියේ කම්පනයකිනි. හිරුණිකා  ඉක්මනින් අධිකරණ භූමියෙන් පිටව ගියාය.

ඒ අතරම උසාවි භූමියට රැස් ව සිටි දුමින්ද සිල්වා පාර්ශවයේ  සියයකට ආසන්න පිරිසක් උද්වේගයෙන් යුතුව හැසිරෙනු දක්නට ලැබිණි. ඔවුහු මේ තීන්දුව අසාධාරණ බව කියමින් කෑ ගසන්නට වූහ. සමහර කාන්තාවන් හඩා වැටෙනු දක්නට ලැබිණි. කෙසේ වෙතත් මේ තීන්දුව සම්බන්ධව අභියාචනයක් කිරීමට සූදානම් බව දුමින්ද සිල්වා පාර්ශවයේ නීතිඥවරු පැවසූහ.

මේ අනුව අපට පෙනෙන්නේ දුමින්ද සිල්වා නිදහස් වීමේ අවකාශයක් තවමත් ඇති බවය.

පසු සටහන

දුමින්ද සිල්වාට මරණ දඩුවම නියමවීම පිළිබදව මුල්ම වාර්තා කරණය සිදුකළේ අපය. උසාවියට කලින් මේ තොරතුරු දැනගන්නේ කෙසේදැයි අයෙක් අපව ප්‍රශ්න කර සිටියේය. අපට ඔවුන්ට කියන්නට ඇත්තේ අප වෘත්තීය මාධ්‍ය වේදීන් බවය. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සදාචාරත්මකව ගරු කරන අප සමග සබුද්ධිකව එක්වන ලෙස  අප ඔවුන්ට ආරාධනා කරන්නේය.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

7 thoughts on “තීන්දුව බෙදේ… දුමින්ද නිදහස ඉල්ලයි…

  • September 9, 2016 at 1:01 pm
    Permalink

    නිකන් කලබල වෙන්න එපා සහෝ මීලඟ විසිට් එකට යන්නේ හිරුනිකාi!

    Reply
  • September 9, 2016 at 1:15 pm
    Permalink

    ඹන්න ඹ්කයි මරා පාලනයෙයි යහ පාලනයෙන් වෙනස ආයුබෝවන්.

    Reply
  • September 9, 2016 at 3:02 pm
    Permalink

    එකනේ මම කලින් කියුවේ. සල්ලි විසි කරලා කොහොම හරි බේරෙයි.

    Reply
  • September 9, 2016 at 6:39 pm
    Permalink

    මේ නඩු තීන්දුව දෙන්න තරම් ප‍්‍රමාණවත් සාක්ෂි තිබුණද කියන එක සැකයි.

    Reply
  • September 9, 2016 at 6:42 pm
    Permalink

    mama nam hithanne me nadu thinduwa newatha wenas nowiya uthui kiyala.

    Reply
  • September 9, 2016 at 6:48 pm
    Permalink

    100% මට විශ්වාසයි දුමින්ද නිදහස් වෙයි කියලා.

    Reply
  • September 9, 2016 at 6:50 pm
    Permalink

    හිටපු විදිහට යූ.එන්.පී එකටම වෙලා හිටියනම් ඔහොම වෙන්නෙ නෑනේ. දැන් ඉතිං

    ජම්පරයකුත් ඇදගෙන ඉන්න තමයි වෙන්නෙ.

    Reply

Leave a Reply

Your email address will not be published.