තෙල් ගබඩාවට හමුදාව ඇතුළු වෙයි

kolonnawaසේවකයන් රැදී සිටි කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට අද (26) අළුයම යුද හමුදාව ඇතුළු වී තිබේ. ඒ අනුව වර්ජනයට එක්ව සිටින සේවකයන් එම ස්ථානයෙන් ඉවත් කර ඊට සහය නොදක්වන සේවකයින්ගේ ආරක්ෂාව මේ වන විට තහවුරු කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත්, වර්ජනයට එක්ව සිටින සේවකයින් කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය ඉදිරිපිට රැදී සිටියි. ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා කියා සිටියේ කුමන බාධා පැමිණියත් සිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.