තෙල් සමිති ජනපති හා සාකච්ඡා

maithripala-sirisenaතෙල් ප්‍රවාහනයේදී ඇතිවිය හැකි අනාරක්ෂිත තත්වයන් හෙති කොට ගෙන සංස්ථා සේවකයින් සේවයට වාර්තා කරන තුරු තමන් බව්සර් වලට තෙල් පුරවන්නේ නැති බව තෙල් ටැංකි කරුවන් ගේ සංගමය කියා සිටී. ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව හා සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟතාවය පළ කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව අද (26) දිනයේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය අනුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවත් එතෙක් මේ වනවිට ආරම්භ කර ඇති වැඩවර්ජනය දිගටම ගෙනයන බවත් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි. මුතුරාජවෙල ඛණිජ තෙල් පර්යන්තයේ සිටින හමුදාව ඉවත් වන තුරු යළි සේවයට වාර්තා නොකරන බව එම පර්යන්තයේ ස්ථාන භාර නිලධාරී, ඛනිජතෙල් වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ රාජකරුණා මහතා පවසයි.

මුතුරාජවෙල ඛණිජ තෙල් පර්යන්තයට ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ යුධ හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය ඇතුළු වී සිටිති. මේ වනවිට එම තෙල් පර්යන්තයේ කටයුතු කිසිම අයුරකින් ක්‍රියාත්මක නොවන අතර ඛනිජතෙල් සේවකයෝ අට්ටාලවල නැගී එම පර්යන්ත පරිශ්‍රයේ රැඳි සිටිති.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.