තොන්ඩමන් ගේ සුබ පැතුම් මහින්දට

 

thondamanc

 

ජනාධිපතිවරණය සඳහා තෙවන වරටත් මුහුණ දීමට සූදානම් ව සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලංකා කම්කරු කොංග්‍රසය තම සුබපැතුම් පිරිනමා තිබේ.

2015 ජනාධිපතිවරණය සඳහා හෙට නාමයෝජනා භාරදීමට සූදානම් ව සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඊයේ (07) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී හමු වූ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන්, මුත්තු සිවලිංගම් යන මහත්වරු ඇතුළු නියෝජිත පිරිස මෙලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත සිය සුබපැතුම් පළ කර සිටියහ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවතත් මේ රටේ ජනාධිපතිවරයා වනු දැකීම සිය පක්ෂයේත් වතුකරයේ ජනතාවගේත් අපේක්ෂාව බව ඔවුහු එහිදී ප්‍රකාශ කළහ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.