දඩ ගැන ඇසු සැනින් රථ වාහන අනතුරු 10% කින් අඩුවේ…………

road-accidentsගතවූ සති දෙක තුළ රථ වාහන අනතුරු 10% කින් අඩු වී ඇති බව රථ වාහන පොලීසිය සඳහන් කරයි. රථ වාහන පොලීසියේ සහකාර පොලිස් අධිකාරි ඩබ්.ඩී.ඒ.ධනංජය මහතා ප්‍රකාශ කළේ රථවාහන අනතුරු අවම කිරීම සඳහා රජය හඳුන්වා දිමට යන නව නීති රෙගුලාසි හමුවේ රථවාහන අනතුරු අඩු වීමේ ප්‍රවණතාවයක් පවතින බවයි.

දිනපතා පොලිස් ස්ථාන වෙත වාර්තා වන රථවාහන අනතුරු සංඛ්‍යාව 100 ත් 125ත් අතර වේ. ඉන්, අනතුරු 40-50ත් අතර සංඛ්‍යාවක් බරපතල තත්ත්වයේ සිද්ධි බව පොලීසිය පෙන්වා දෙයි. එහෙත් පසුගිය දෙසතිය තුළ දිවයින පුරා පොලිස් ස්ථානවෙත දෛනිකව වාර්තා වි ඇති රථ වාහන අනතුරු සංඛ්‍යාව 90ත් 100ත් ලෙස පහල ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි. 2015 වසරේ රථවාහන අනතුරු 40,000 කට ආසන්න සංඛ්‍යාවක් පොලීසියට වාර්තා වි තිබේ. එම අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 2,799 කි. 15,000ක් පමණ එම අනතුරුවලින් බරපතල තුවාල ලබා ඇත.

මේ අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය දින කිහිපය තුල සිට රියදුරු බලපත් ලබා ගැනීම සඳහා විශාල පිරිසක් වේරහැර පිහිටි රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාලය වෙත පැමිණෙමින් සිටින බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.