දරුවන් මැතිවරණ ප්‍රචාරණයට යොදා ගැනීම ගැන පැමිණිල්ලක්

2-No_child_for_Electi

 

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් දරුවන් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘති සඳහා යොදා ගැනීම විශ්ව ළමා ප්‍රඥප්තියට අත්සන් කළ රාජ්‍යයක් වශයෙන් බරපතල වරදක් යැයි ප්‍රථම වරට ‘ගෝ රයිට්‘ සාමුහිකය නම් වූ නීතිඥයන් පිරිසක් විසින් මැතිවරණ කොමසාරිස් වරයාට පැමිණිලි කර තිබේ.

 

ළමුන් මැතිවරණ ප්‍රචාරණය සඳහා යොදාගෙන තිබෙන අයුරු දැක්වෙන මෙහි සඳහන් ඡායාරූප පෙල බැසිල් රාජපක්ෂගේ නිළ ෆේස්බුක් පිටුවෙහි ඔහුගේ අනුදැනුම මත හෝ නොමැතිව පළ කර තිබේ. ඊට අමතරව මේ දිනවන ප්‍රචාරය වන ඡන්ද දැන්වීම් වලද දරුවන් යොදා ගෙත තිබෙනු දක්නට ලැබේ.  විශ්ව ළමා ප්‍රඥප්තියට අත්සන් කළ රාජ්‍යයක් වශයෙන් ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම උදෙසා අප ජාත්‍යන්තර වශයෙන් බැඳී සිටින බව මෙම නීති වේදීන් පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා මැතිවරණ නීතීය ප්‍රකාරව කටයුතු කරන මෙන් ‘ගෝ රයිට්‘ සාමුහිකය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ගෙන් ඉල්ලා සිටී.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.