දින සීයක් ඇතුලත හොරුත් අල්ලනවා- මෛත‍්‍රී

rouge

බලයට පත් වී දින 100ක් ඇතුළත කොමිෂන් සභාවක් පත්කොට වත්මන් ආණ්ඩුවේ දුෂිතයින් නීතිය හමුවට ගෙන එන බව විපක්ෂයේ පොදු අපේක්ෂක
සිරිසේන මහතා  මහනුවරදී සඳහන් කළා.

ඔහු පෙන්වා දෙන්නේ දැනට කි‍්‍රයාත්මක සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කෙරෙන මුදල්වලින් තුනෙන් දෙකක් පමණ වංචා කරන බවයි.

දින 100 වැඩපිළිවෙල තුල අපි පත්වෙලා විධායක බලය අහෝසි කිරීම පමණක් නොවෙයි මේ ආණ්ඩුවේ අවුරුදු 9ක් හොරකම් කරපු මහ හොරු ටික, කොමිෂන් සභාවක් පත්කරලා දින 100ක් ඇතුලත හොරුටික කොටු කරන බවට මම මේ මොහොතේ ප්‍රකාශ කරනවා.

සමහර අය අහනවා අපි බලයට පත්වුනහම මේ සංවර්ධන වැඩපිළිවෙල නවත්වනවද කියල. බොහොම පැහැදිලිව කියන්න අවශයි අද කරන සංවර්ධන වැඩ වලට සාදන ඇස්තමේන්තු වලට වැයවෙන්නේ එම මුදලෙන් තුනෙන් එකක් පමණි.

 

kandymee

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.