දීපාල් සමු අරන්

Deepal Silvaකොන්ද කෙළින් තබාගෙන ගී ගැයූ ජනප්‍රිය ගායන ශිල්පී දීපාල් සිල්වා ‍නොහොත් ” පොඩි ළමයා ” නික්ම ගොසිනි.

ප්‍රසංග වේදිකාවේ ඉතාම ජනප්‍රියත්වයට සහ ජනාදරයට පත් දීපාල් සමාජයේ බහුවල සිදුවන දේ ගැන ලුණු ඇඹුල් ඇතිව ගායනා කරන්නට නිර්භය විය.

දීපාල් සිල්වා නම් වටිනා මිනිසාට ජීවිතය ලබා දුන්නේ පනස් වසරක් පමණි. අද (14) අළුයම රාගම රෝහලේදී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි. කෙටි කලක සිට පැවති රෝගී තත්තවයක් හේතුවෙන් ඒ මහතා මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

“පොඩි ළමයා“ යන අන්වර්ත නාමයෙන් ඔහු රසික ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව සිටි ඔහුගේ ‘ඒ රටේ මිනිස්සු තනි කර කෙලින්නේ පිස්සූ යන ගීතය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හදුන්වා දුන්නේ ගායනා නොකළ යුතු ගීතයක් ලෙසිනි.
දීපාල් නුඹට සුභ ගමන්!-www.lankanewsline.com

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.