දුමින්දගේ ඇපෑල සදුදා…

apeallභාරත ලක්ෂ්මන් ප්‍රේමචන්‍ද්‍ර ඝාතන නඩුවේ වරදකරුවන් වී මරණීය දණ්ඩනය නියම කරන ලද දුමින්ද සිල්වා, දෙමටගොඩ චමින්ද ඇතුළු  පස් දෙනා වෙත ලබා දුන් තීන්දුවට එරෙහිව  සදුදා ( 19 ) ශ්‍රේෂ්ඨාධිකරණයට අපෑලක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධව දුමින්ද සිල්වා ඇතුළු 5 දෙනෙකු වෙත මරණීය දණ්ඩනය ලබා දුන් ත්‍රි පුද්ගල විනිසුරු මණ්ඩලයේ තීන්දුව ඉදිරිපත් වූයේ බෙදුණු තීන්දුවක් ලෙසිනි.  මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න  තීන්දු කරනු ලැබුවේ දුමින්ද සිල්වා ඇතුළු චූදිතයන්ට මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත්ව ඇති බවය. ඒ පිළිබද නෛතික විග්‍රහයක් කරමින් ඔහු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කළේය. නමුත් පද්මිණී රණසිංහ හා එම්.කේ.බී.එස් මොරායස් විසින් මෙම නඩුවේ විත්තිකරුවන් මනුෂ්‍ය ඝාතනයක් කළ බවට සැකයකින් තොරව ඔප්පු වනබව තීන්දු කළහ.

පෙළගැසෙමින් ඇති තත්ව මත දුමින්ද සිල්වා ඇතුලු පිරිසට වැඩි වාසි සහගත නෛතික හා දේශපාලනික  පදනමක් නිර්මාණය කෙරෙමින් ඇති බව නිතී අංශ පවසයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.