දූෂකයෙක් අධ්‍යාපන ලේකම් කරන්න ජනාධිපති කාර්යාලයෙන් තල්ලුවක්…

corruption2පසුගිය ආණ්ඩු සමයේ රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචා සිදුවූ  සංචාරක අමාත්‍යාංශයේ මූල්‍ය වංචා සදහා වගකිවයුතු සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙක්වූ සුනිල් හෙට්ටිආරච්චි   අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත්කිරීමට  යහපාලන ආණ්ඩුව උත්සාහ කරමින් සිටී.

පසුගිය ආණ්ඩුසමයේ සිදුවි ඇතැයි කියන අක්‍රමිකතා පිළිබදව මේ පුද්ගලයා සම්බන්ධවත් මේ වනවිට පුලුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක වව තත්වයක් තුළ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළම නිලධාරියෙකුගේ ආශිීර්වාදය මත මේ තැනැත්තා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තනතුරට ඉව අල්ලන බව කියැවේ.

සුනිල් හෙට්ටිආරච්චි සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරනව වකවානුවේ වර්ෂ 2012 වනවිට අවසන් කළ යතු ව්‍යාපෘති අවසන් කර ඇත්තේ 2013 වසරේ මැද භාගයේ බවත්, මේ ව්‍යාපෘති වලදී ලක්ෂ 50 අධික මුදලක් මේ තැනැත්තාගේ වගකීම යටතේ අවභාවිත වී ඇති බවත් විගණන දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග කියයි.

එමෙන්ම වර්ෂ 2013 දී  මොවුන් විසින් දියත්කළ සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘති සදහා වියදම් කළ රුපියල් කොටි 87  සම්බන්ධව පිළිගත හැකි සාධක ඉදිරිපත් කර නොමැති බවත් විගණන නිලධාරීහු පෙන්වා දෙති.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!