දෙමළ ජාතික සන්ධානය ගිවිසුම් වලට නැහැ -සහයෝගය මෛත්‍රිට

sampanthan-e1354460177963

ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් රට තුල ඇති කර ගැනීම් සදහා තමන් පොදු අපේක්ෂකයාට සහයෝගය දීමට  සුදානම් බව දෙමළ ජාතික සන්ධානයේ  නායක ආර් සම්බ්න්ධන්

මහතා කොළඹදී පැවසීය.

පස්ස දොරින් කරන රහස් කතා බභ  ගැන තමන් තුල ව්ශ්වසයක් නැති බවත් හමුදා කඳවුරු ඉවත් කිරීම හෝ වෙනත් කිසිම් කරුණක්  ගැන එකඟතාවක් නැති බව දෙමළ ජාතික සන්ධානයේ නායකා පෙන්වා දුන්නේය.

නොබෙදුණු රටක්  තුල විසඳුමක් සොයන තමන් ජාතික හෙළ උරුමය ඇතුළු ඕනෑම දේශපාලන කන්ඩායමක් සමග කථා බහට සුදානම් බව සම්පන්තන් මහතා පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් ඇති කළාට පසු දේශපාලන පක්ෂ සමඟ ඉදිරි ප්‍රශ්න සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් එවැනි තත්වයක් යටතේ සාකච්ඡා කිරීමට පහසුකම් සැලසෙන බව සඳහන් කළේය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය යළිත් ඇති කිරීම දෙමළ ජනතාවට පමණක් නොව ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම ජන කොටස් වලට අදාළ වැදගත් ප්‍රශ්නයක් බවයි මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්

ප්‍රකශ කළේ.

[vsw id=”/Swq8JMzdS3w” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.