දෙමළ ජාතික සන්ධාන සහ ඊ. පී. ඩී. පී. සංවිධානයේ ඇමැතිවරුන් අතර ගැටුමක්‌

delft_epdp

 

 

 

යාපනය දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටු රැස්‌වීමේදී දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) සහ ඊ. පී. ඩී. පී. සංවිධානයේ ඇමැතිවරුන් අතර ඊයේ (16 වැනිදා) දහවල් ඇතිවූ බහින්බස්‌වීමක්‌ ගැටුමක්‌ දක්‌වා දුර දිග යැම නිසා දෙමළ ජාතික සන්ධානයේ ඇමැතිවරුන් දෙදෙනකු තුවාල ලබා ඇත.

මෙම ගැටුම සිදුවන අවස්‌ථාවේ උතුරු පළාතේ මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් සහ ඊ. පී. ඩී. පී. නායක ඩග්ලස්‌ දේවානන්ද මහත්වරුන්ද සිට ඇති අතර ඔවුන්ට කිසිදු අනතුරක්‌ සිදුවී නොමැත.

මෙම ගැටුමින් උතුරු පළාත් සභා කෘෂිකර්ම ඇමැති එන්. අයින්කරනේෂන් සහ තවත් ඇමැතිවරයකු වන තංගයියා සර්වේස්‌වරන් යන දෙදෙනා තුවාල ලබා යාපනය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

මෙම ඇමැතිවරුන් දෙදෙනාට පහරදී ඇත්තේ ඇමැති ඩග්ලස්‌ දේවානන්දගේ ලේකම්වරයකු වන දයානන්දන් නමැති අයකු බව පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

සැකකාර ලේකම්වරයා සිද්ධියෙන් පසු පලාගොස්‌ ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

යාපනය දිස්‌ත්‍රික්‌ කමිටු රැස්‌වීම ආරම්භ කිරීමෙන් පසු මුදල් සම්බන්ධයෙන් ඇතිවූ විවාදයක්‌ දුරදිග යැම නිසා මෙම ගැටුම හටගෙන තිබේ.

යාපනය දිස්‌ත්‍රික්‌කයේ සහ පළාත් සභාවේ කටයුතු සඳහා ඩග්ලස්‌ දේවානන්දට ප්‍රශ්න කළ නොහැකි බව කියමින් දෙමළ සන්ධානයේ මැති ඇමැතිවරුන් කෑගැසීම නිසා එහි දැඩි උණුසුම් තත්ත්වයක්‌ උද්ගත විය.

මේ අතර උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා මධ්‍යම ආණ්‌ඩුවේ කටයුතු විවේචනය කිරීම නිසා තත්ත්වය තවත් උණුසුම් වී තිබිණි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.