ධනපති අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රතිශතය 40% ඉක්මවන්න දෙන්න එපා-පෙරටුගාමින් ගෙන් වැඩපිළිවෙලක්

peratu

 

මාධ්‍ය හමුවක් පවත්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉදිරිපත් කල වැඩ පිළිවෙලක්

 

දුමින්ද නාගමුව-මේ වෙනකොට දේශපාලන පොර පිටිය විස්සයි විස්සෙ මැච් එකක් වගේ වෙලා. ඒ පැත්තෙන් මේ පැත්තට පනිනවා. මේ පැත්තෙන් ඒ පැත්තට පනිනවා. හැමෝම බලාගෙන ඉන්නෙ කොයි පැත්තෙන් හයේ හතරෙ පහර වැදෙයිද කියලා. තිස්ස අත්තනායකට මෙහෙට එනකොට හිරුණිකා අනිත් පැත්තට යනවා. ජනතාව මේ සෙල්ලම නරඹන්නන් බවට පත්වෙලා. ඒ විනෝදය තමයි දැන් රටේ විනෝදය වෙලා තියෙන්නෙ. හැමෝම බලාගෙන ඉන්නෙ පනින්නෙ කවුද පනින ගාන මොකක්ද කියන එක දිහා. මේ සංවාදයට අද අකුණු පහරක් අවශ්‍යයයි. වමේ දේශපාලන මතවාදයක් ගොඩනගන වමේ බලයක් ගොඩනගන වමේ පොදු අපේක්ෂකයෙක් අපි ඉදිරිපත් කළේ ඒ නිසා.

 

එක පැත්තකින් ආණ්ඩුව අධිරාජ්‍ය විරෝධයක් ගැන කියමින් ඡන්දයට ඇවිත් තිබෙනවා. මේක බොරු අධිරාජ්‍ය විරෝධයක්. 2006 දී රාජපක්ෂ ආණ්ඩුව ඇමරිකාව

 

ඊයේ පෙරේදා ඉන්දියාවේ ආරක්ෂක ඔත්තු ප‍්‍රධානියා ලංකාවට ආවා. ඇවිල්ලා මෛත‍්‍රීපාලවයි රාජපක්ෂවයි හම්බුණා. දෙමළ ජනතාව නියෝජනය කරනවා කියන පක්ෂ ඉන්දියාවට කැඳවලා උපදෙස් දුන්නා. අද ඇමරිකාවයි චීනයයි අතර ඇති වෙලා තියෙන බල අරගලයක හරි මැදට ලංකාව තල්ලු කරලා දාලා තියෙනවා. ඒක තමයි රාජපක්ෂ ආණ්ඩුව කරලා තියෙන්නෙ.

 

මේ ආණ්ඩුව එලවන්න ඕනෙ. හැබැයි ආණ්ඩුව එලවන්න කියලා රටේ තියෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ඇත්ත ප‍්‍රශ්නය දඩ මීමා කරගෙන අලූත් කඳවුරක් ඇති වෙලා තියෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියලා ඒ අය කියනවා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන එක ගැන වමට කිසි විවාදයක් නැහැ. හැබැයි අපි කියනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නය ඕකට ලඝු කරන්න බැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන මෙයාලා හදලා තියෙනවා සුප් එකක්. මේ සුප් එකේ නැහැ වැඩකරන ජනතාවගේ ප‍්‍රශ්නය. නිර්ධන පංතියේ ප‍්‍රශ්නය. චම්පික රණවකගේ ජාතිවාදය මේ සුප් එකේ තියෙනවා. ජනතාවගේ අපේක්ෂාවන්ට වංචා කරලා බල හුවමාරුවකට ලෑස්ති වෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩ නැගිය හැකි එකම මාවත වමේ බලයක් ගොඩනැගීමයි. සමාජවාදය සඳහා වූ වැඩපිලිවෙලක් තමයි අපේ විසඳුම. අපි ඒ නිසා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා නරඹන්නන් නොවී ක‍්‍රියාකාරීව මේ ක‍්‍රියාවලියට දායක වෙන්න කියලා.

 

peratu1n

 

කිසිම ධනපති අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රතිශතය 40% ඉක්මවන්න දෙන්න එපා – සුමනසිරි ලියනගේ

 

මේ වෙලාවේ රටේ බොහොම දෙනෙක් කල්පනා කරනවා අඩුම තරමින් මහින්ද රාජපක්ෂ පරදවමු කියලා. මේක හොඳ අදහසක්. මේ වගේ දේවල් 1994 දී 2002 දී වගේම 2005 දීත් අපි කරලා තියෙනවා. හැබැයි ඒ අවස්ථාවල කවුරු දින්නත් ගොවීන් කම්කරුවන් ශිෂ්‍යයන් අද්දරට තල්ලූ වූ ජනතාව ආදී පීඩිත ජනකොටස් වලට හිමි වූයේ පරාජය. නිකම්ම නිකම් මූණු මාරු කරන මේ ක‍්‍රමය වෙනුවට ක‍්‍රමය වෙනස් කරන දේශපාලනය අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ඒ නිසා.

 

සේනක බිබිලේ සකස් කරපු ඖෂධ ප‍්‍රතිපත්තියට අද මොකද වෙලා තියෙන්නෙ? අද මෛත‍්‍රීපාලගේ ව්‍යාපෘතිය වෙනුවෙන් මගේ මිත‍්‍ර විශ්ව විද්‍යාල ආචාර්යවරු බොහෝ දෙනෙක් වෙහෙසෙනවා. කොච්චර මෛත‍්‍රීපාල උන්නැහේ පිටිපස්සේ ගියත් අඩු තරමින් අධ්‍යාපනයට සියයට හයක් වෙන් කළ යුතුයි කියන එකවත් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට දාගන්න අසමත් වෙලා තියෙනවා. එහෙම නොකරන මෛත‍්‍රීපාල උන්නැහේ හෙළ උරුමය කියන ඕනේ දෙයක් තමන්ගේ සාක්කුව ඇතුලේ රිංගවා ගන්නවා. මේ ජනවාරි අට වෙනිදා අපි දේශපාලන කැරැල්ලක් ගැසිය යුතුයි. මේක ව්‍යවස්ථාපිත කැර‍ෙල්ලක්. කිසිම ධනපති අපේක්ෂකයෙක්ට ඡන්ද ප‍්‍රතිශතය සියයට හතලිහ ඉක්මවා යන්න දෙන්න එපා. මේ රටේ දේශපාලනය වෙනස් කරන කැරැල්ල අපි එතැනින් පටන් ගනිමු.

 

ලීනස් ජයතිලක – නව සම සමාජ පක්ෂය

 

පාර්ලිමේන්තු ප‍්‍රජාන්ත‍්‍රවාදය ධනපති දේශපාලනය විශාල පරිහානියකට පත් වීම අවසනාවන්ත දෙයක් නෙවෙයි. ඒක අපට විශාල සතුටක්. වමේ බලයක් ගොඩ නැඟීම තමයි අපට කරන්න තියෙන්නේ. විධායක ක‍්‍රමය අහෝසි කිරීමට විපක්ෂය කතා කරනවා. අටවලා තියෙන උපක‍්‍රමය කුමක්ද? මේක මිනිසුන් නොමඟ යැවීමක්. 1964 වන විට වමේ ව්‍යාපාරයට විශාල බලයක් තිබුණා.ඉදිරියේදී වැදගත් කටයුත්තක් තියෙනවා. කිසිඳු විකල්පයක් විරුද්ධ පක්ෂයකට මුක්කු ගහන ජාතිවාදී කල්ලි විකල්පයකින් අභියෝගයට මුහුණ දෙන්න බැහැ. වමේ විකල්පයක් අප ඉදිරියේ තියෙනවා. පැහැදිලිවම අපේ ජනතාවගේ බලය ශක්තිය ගොඩ නඟන්න ඕන. මේ ක‍්‍රමයට විරුද්ධව ගොඩ නැඟෙන අවශ්‍යතාවයක් ගැමි ගොවියාගේ අයිතිය දිනා ගැනීමට වැඩ කරන ජනතාවගේ අවශ්‍යතාවය මත ගොවි, ධීවර ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්න පුළුවන් වමේ වේදිකාවක් හරහායි. මේ කතිකාව දුමින්ද නාගමුව සහෝදරයා හරහා රට පුරා ගෙන යාමට හැකියාව ලැබෙනවා.

 

හේමමාලි අබේරත්න – නිදහස වෙනුවෙන් කාන්තා ව්‍යාපාරය

 

අද මේ රටේ කාන්තාවන්ගේ තත්වය මොකද්ද? ලංකාවේ ආර්ථිකයේ වැඩිම බරක් දරන්නේ කාන්තාවෝ. මැද පෙරදිග විදේශ විනිමය හොයන්නේ කාන්තාවෝ. රිසානා, නාෆීක්ගේ ඉදලා දන්න නොදන්න ජීවිත මේ මහ පොලොවේදී අපහරණයට ලක් වන සහොද්රියන්ගේ ජීවිත වලට මේ ක‍්‍රමය වන්දි ගෙවනවද, මේ සමාජ ක‍්‍රමය ඇතුලේ ඒවට උත්තර නැහැ. මේ මොහොතේදී කාන්තාවන් කී දෙනෙක් ලිංගික අපහරණයට ලක් වෙනවද, රත්පුරේ සහොදරිය, වාරිය පොල සහෝදරිය පෙන්වන්නේ මේ පීඩාව. නමුත් වෙනත් දේශපාලන කතිකාවක ඉන්න සමාජය ඇයටම ඇඟිල්ල දිගු කරනවා.

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.