නම වෙනිදා ගුවන් තොටුපළ වහනවා නම් ඒක කරන්නේ මමයි-මහින්ද

 

mahindaw

 

 

කුමන බාධක, අභියෝග පැමිණිය ද දිවි හිමියෙන් උපන් මාතෘභූමිය හැර නොයන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව සිටිය දී පමණක් නොව ඇමැති, අගමැති, විපක්ෂ නායක මෙන්ම ජනාධිපතිවරයා වශයෙන් ද කටයුතු කළ තමා ජීවත් වූයේ මේ භූමියේ බව පවසන ඒ මහතා ඉදිරියටත් ජීවත් වන්නේ මේ භූමියේම බව ද ප්‍රකාශ කරයි.
අද ඇතැමුන් විදේශ ගතවීම සඳහා ගුවන් ප්‍රවේශපත්‍ර ලබාගෙන තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා එළඹෙන 8 දා වනවිට ගුවන් තොටුපල වසා දමන බවට ප්‍රකාශයක් කර තිබෙන බවද එළඹෙන 9 දායින් පසුව ද මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත්වන්නේ තමා බවද සඳහන් කරයි.
ගුවන් තොටුපල වසන්නේ නම් එය කළ යුත්තේ තමා බවද හෙතෙම පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ ගාල්ල, බද්දේගම සහ ඇල්පිටිය ප්‍රදේශයන්හි දී දී ඊයේ (15) පැවැති ජනහමුවකට සහභාගි වෙමිනි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.