නව පරපුරේ කලා කරුවන්ට බිත්තර ප්‍රහාර

 

samanali1

රට බේරා ගත් වීරයාට පාට් දැමීමට දීමට නොහැකි බව කියමින් පළාත් සභා මන්ත්‍රීවරයෙක්  ඇතුළු තවත්  මැර පිරිසක් නව පරපුරේ කලකරුවන්ට පහර දී පලව හැර ඇත.

පොලීසියටද තත්වය පාලනය කරගත නොහැකිවී ඇත.

 

මුලාවෙන් මිදෙමු‘ මැයෙන් කුරුණෑගල කුඹුක්ගැටේ දී සංවිධානය කළ වැඩසටහනට සහභාගී වූ කලා කරුවන්ට පහර දීමට 150 දෙනකු පමණ පැමිණි බව රංගන ශිල්පී ජගත් මනුවර්ණ කියයි.

ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකරට පහර  දුන් බවයි ජගත් මනුවර්ණ කියා සිටීයේ.

තර්ජන හමුවේ තම කටයුතු අතර මඟ නවතා කුඹුක් ගැටේ නගරයට එද්දී බිත්තරවලින් ද පහර දුන් බවත්,   සමනලී ෆොන්සේකා ඇතුළු කිහිප දෙනකු සුළු තුවාල ලබූ බවත් රංගන ශිල්පී ජගත් මනුවර්ණ  වැඩි දුරටත් පැවසීය.

ඉන්ද්‍රචාපා ලියනගේ, කෞශල්‍යා ප්‍රනාන්දු හා අමා විජේසේකර ද මෙම පහරදීම සිදුවූ අවස්ථාවේදී එහි සිට ඇතැයි වාර්තා වේ.

අදාල පහරදීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට මෙම කලාකරුවන් ගොකරැල්ල පොලිසියට ගොස් ඇතත් පොලිසිය පැමිණිල්ල බාර නොගත් බවයි වාර්තා වෙන්නේ.

අලුත් පරපුර සංවිධානයේ සාමාජිකයෙක් පැවසීය.

 

 

 

 

 

[vsw id=”/4rk7xzLAw4s” source=”youtube” width=”425″ height=”344″ autoplay=”no”]

 

 

 

[vsw id=”/UPzK985v-nE” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.