නව සම සමාජයෙන් පිරිසක් පෙරටුගාමී අපේක්ෂක දුමින්ද නාගමුවට‍

 

wickrama

 

වික්‍රමබාහු කරුණාරත්න මහතා නායකත්වය දරන නව සම සමාජ පක්‍ෂයේ  නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා ඇතුළු දේශපාලන මණ්ඩලයේ සහ මධ්‍යම කාරක සභික සාමාජිකයන් පිරිසක් වමේ පොදු අපේක්‍ෂක දුමින්ද නාගමුව මහතාට සහාය දීමට තීරණය කර තිබේ.

නව සම සමාජ පක්‍ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතා ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය ලබා දීමට තීරණය කර තිබිණි.

කෙසේ වෙතත් පසුව නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා ඇතුළු පිරිසක් වමේ පොදු අපේක්‍ෂකයාට සහය දීමට තීරණය කර ඇත.

නව සමසමාජ පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා වන්නේ සුන්දරම් මහේන්ද්‍රන්ය.

මේ අනුව සීමිත සාමාජික පිරිසක් සිටින    නව සම සමාජ පක්‍ෂය තුල පිල් දෙකක් සහ ජනාධිපති අපේක්ෂකයෙක් සිටී.

 

පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභිකයන් 05 දෙනකු සහ මධ්‍යම කාරක සභිකයන් 09 දෙනකු පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දෙන අතර දේශපාලන මණ්ඩල සභිකයන් 04ක් සහ මධ්‍යම කාරක සභිකයන් 11 දෙනකු දුමින්ද නාගමුව මහතාට සහාය ලබා දීමට සූදානම් බව වාර්තා වෙයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.