නාකි මනමාලයන් කොල්ල කන හොර නිළියන් කොටුවේ…

Cheeting1මැදිවියේ ධනවත් ව්‍යාපාරිකයන් රවටා හෝටල් කාමර තුළට ගෙනගොස් ඔවුන්ව කොල්ල කා පලා යන ටෙලි නාට්‍ය නිලියන් ලෙස පෙනී සිටි සුරූපී තරුණියන් කණ්ඩායමක් කාන්තාවන් දෙදෙනකේ අතුරුගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත්තේ කොට්ටාව ප්‍රදේශයේ 64 හැවිරිදි පුද්ගලයෙක් අතුරුගිරිය පොලිසියට කළ පැමිණිල්ලක් අනුවය.  සුරූපිනියක් සමග පෙම් කෙළින්නට ගිය මෙම 64 හැවිරිදි ව්‍යාපාරිකයාව සොදුරු ලෙස කොල්ල කෑමෙන්  ඇතිවූ පීඩාව නිසා තමන්ට සිදුවන අවමානය පසෙක තබා ඔහු පැමිණිල්ල කරන්නට ඉදිරිපත් වී තිබේ.

තැනින් තැන ගොස් කාමර කුලියට ගෙන පදිංචිවී සිටින එම කාන්තාවන් කණ්ඩායම තැරැව් කරුවන් මගින් මුදල් සහ රන් භාණ්ඩ යහමින් පළදින සේවාදායකන්  සොයාගෙන එම දේපල කොල්ල කන බවට හෙළි වී ඇත. කොල්ලකෑමට ලක්වු පුද්ගලයන් විලි ලජ්ජාව නිසා මේ පිළිබදව කිසවෙකුටත් නොපැවසීම මේ ජාවාරම දිගටම කරගෙන යෑමට ඔවුන්ට අවශ්‍ය පරිසරය නිර්මාණය කර තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.