නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෛත්‍රිට අත උස්සයි

fremedia

 

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත කෙටි කාලීන යෝජනා ඇතුළත් සංදේශයක් අද බාර දුන්නේ ඔහුට සහයෝගය දෙන බව කියා සිටිමින්.

තොරතුරු දැනගැනීමේ නිදහස, දණ්ඩ මුක්තිය අහෝසි කිරීම, මාධ්‍ය ස්වාධීනත්වය, මාධ්‍ය වාරණය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ප්‍රධාන වශයෙන් මෙම සංදේශයේ සඳහන් කොට ඇත.

අරලියගහ මන්දිරයට සුමාන දෙක තුනකට සැරයක් මාධ්‍ය ප්‍රධානීන් කැඳවනවා. අද පවතින රජය පමණක් නොවෙයි බොහෝ රජයන් අරලියගහ මන්දිරයේ රෑට නැත්නම් උදේට පත්තරේ යන්න ඕනි ප්‍රධාන ප්‍රවෘත්තිය මොකක්ද කියලා කියනවා, මේ විදිහට දාන්න කියනවා’යනුවෙන් එම අවස්ථාවට සහභාගී වූ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන පැවසුවේය.

ජනාධිපති ධුරය සතු විධායක බලතල ඉවත් කිරීමේ අරමුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බැවින් අනාගතයේදී මාධ්‍යවේදීන්ට සිය වෘත්තීය නිසියාකාරව කර ගෙන යාමට හැකි වනු ඇති බවත් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.