නියම අගවිනිසුරුවරිය මමයි-අනාගතයේදී  සාධාරනය ඉටු වේවි-ශිරානි බණ්ඩාරනායක

 

 

 

Shirani

 

සාමාන්‍යයෙන් තමන්ගේ නඩුව  සඳහා පැමිණෙන අග විනිසුරුවරිය ට සිනහවකින් සංග්‍රහ කොට නික්ම යතත් අද ඇය මාධ්‍යයට කතා කරන්නට තීරණය කළාය.

 

ඇයටද අනාගතය පිළිබඳව බලාපොරොත්තු තිබෙන බව පෙනෙන්නට තිබේ.

 

. ‘මට අනාගතයේදී සාධාරණය ඉෂ්ටවේ යැයි මා සිතනවා. මා දේශපාලනඥයෙක් නොවේ. දේශපාලනයට පැමිණීමේ අදහසකුත් නෑ.‘‘ හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය අලුත්කඩේ උසාවිය අසලදී මාධ්‍යවේදීන් අමතමින්  කියා සිටියේ හැඟුම්බර අන්දමින්ය.

 

 

මාධ්‍යවේදීන්  අමතා කියා සිටියේ  තවමත් ඇය රටේ අග නිනිසුරුවරිය වන බවයි.

 

‘‘මම 31 වසරක් විනිසුරුවරියක්. 16 වසරක් අග විනිසුරුවරිය. මේ කාලයේ මට කිසිම චෝදනාවක් ඉදිරිපත්වූයේ නැහැ. 2013 ජනවාරි 13 වැනිදා සිට මගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කරලා. මට නොයෙකුත් හිරිහැර. මා විනිසුරුකමින් ඉවත් කිරීම නීති විරෝධී බව ජාත්‍යන්තර වාර්තා තුනකින්ම කියනවා. ඒ අනුව තවදුරටත් නීත්‍යනුකූල අගවිනිසුරුවරිය මමයි. මට නොයෙකුත් හිරිහැර කෙනෙහිලිකම් සිද්ධ වුණා. මාව ගෙදරට සිර කරලා තියෙන්නේ.හේතුවක් නැතුව ගමන් බලපත්‍රය  තහනම් කරලා තියෙන්නේ ‘‘යැයි ඇය කියා සිටියාය.

 

වත්කම් හෙළි නොකළැයි අල්ලස් කොමිසමෙන්  පවරා  ඇති මේ නඩුව අද දිනයේත් කල් ගියේ ජාතික සංවර්ධන බැංකුවේ ඇගේ බැංකු ගිණුම්වල සවිස්තරාත්මක පරිගණක තොරතුරු ලබා නොදීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ශ්‍රී ලංකා බැංකුව අධිකරණයේ පෙනී නොසිටිමේ හේතුවෙන්ය.

shiraniban

 

 

පැමිණිල්ලේ නීතිඥවරයා  එම තොරතුරු නොමැතිව නඩුව විභාගයට ගන්නා ලෙස ඉල්ලා සිටියත් බණ්ඩරනායක මහත්මියගේ නීතිඥවරුන් කියා සිටියේ එම ඉල්ලීම අධිකරණය හෑල්ලුවට පත් කිරීමේ යෝජනාවක් බව  සිටීමෙන් පසුව නඩුව කල් දමන ලදී.

මහේස්ත්‍රාත්වරයා පැවසුවේ එදිනට ශ්‍රී ලංකා මහ බැංකුව එම වාර්තා ඉදිරිපත් කළ යුතු බවයි. එම වාර්තා සැපයීමට රුපියල් හය කෝටි විසි තුන් ලක්ෂ තිස්දහස් හාරසියයක් බැංකුවට වැයවන බවත් අවුරුදු 4 ක් ගතවන  බවත් මීට පෙර  අධිකරණයට කියා සිටියේය.

හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය පොදු අපේක්ෂකයාට සහයෝගය පළ කිරීමට ඉදිරිපත් වෙන බව මීට  පෙර මාධ්‍ය වාර්තා වී තිබුනත් ඇගේ නීතිඥයින්  එම වාර්තා ප්‍රතික්ෂේප  කළහ.

රටේ 43 වැනි අගවිනිසුරුවරිය හැටියට දේශපාලන අදහස් දැක්වීම සුදුසු නැතැයි ඇයමාධ්‍යවේදීන්ට කියා සිටියාය.

 

 

[vsw id=”/DGfSbhqKcVQ” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.