නිවුයෝක් නුවර පිපිරීමක්… ලාංකිකයන් නිරුපද්‍රිතයි…

newyork-1-1ජනාධිපතිවරයා ඇතුළු පිරිස එක්සත් ජාතීන්ගේ සමුලුව සදහා රටින් පිටත් වීමට  ටික වේලාවකට පෙර නිවුයෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන ගොඩනැගිල්ලට නුදුරෙහි වූ ෂෙල්ස් වීදියේ සිදුවූ පිපිරීමකින් 29 දෙනෙක් තුවාල ලැබූහ. ජීවිත හානියක් සිදු නොවුණත් මේ සිද්ධිය මුලු අමරිකාවම කම්පනයට පත් කර ඇත.

එක්සත් ජාතීන්ගේ සමුලුව සදහා අද ( 18)  උදෑසන 10.05 ට  ජනාධිපතිවරයාත්,  විදේශ ඇමති  මංගල සමරවීර, ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක, හිටපු විදේශ ඇමති මහින්ද සමරසිංහ, ෆයිසර් මස්තාපා, ඇතුළු දූත පිරිසත් පිටත් වූ අතර ජනමාධ්‍ය වේදින් කණ්ඩායම් තුනක් ලෙස මේ වනවිට නිවුයෝක් නුවරට පිටත්ව සිටියහ.  කෙසේ වෙතත් මේ මාධ්‍යවේදීන් කණ්ඩායමට කිසිදු අනතුරක් සිදු වී නැත. newyork1

අද නිවුයෝක් වෙලාවෙන් රාත්‍රී 8.30 ට පමණ  සිදුවූ මෙම පිපිරීම  නිසා අසල නිවෙස් හා සාප්පු සංකීර්ණවල දොර ජනෙල් දෙදරා ගිය බව නිව්යෝක් සිට ලංකා නිවුස් ලයින් ඇමතූ ලක්ෂ්මන් අල්මේදා කියා සිටියේය.

පිපිරීමෙන් සිදුවූ මූලික හානි  පිළිබද මූලික වාර්තාවක් මේ වනවිට  පොලිසිය විසින් ඉදිරිපත් කර ඇත. ලක්මන් අල්මේදා වාර්තාකරන අන්දමට  ෂෙල්ස් වීදියේ කඩසාප්පු කීපයක ශ්‍රී ලාංකික තරුණයන් සේවය කරන නමුත්  ඔවුන්ද නිරුපද්‍රිතය.

මෙම සිදුවීම සැලසුම් සහගත කඩාකප්පල් කාරී ක්‍රියාවක්ද යන්න පිිළිබදව දැඩි අවධානයකින් සොයා බලන බව නගරාධිපති බිල් ඩී බ්ලැසියෝ පවසයි. කෙසේ වෙතත් මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක්ද නැද්ද යන්න පිලිබදව තීන්දු කිරීමට තවමත් ඉක්මන් වැඩි බව ඔහු කියයි.

බෝම්බය අධි පීඩන උදුනක් තුළ තබා පුපුරුවා අැති බව වාර්තා වේ.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

4 thoughts on “නිවුයෝක් නුවර පිපිරීමක්… ලාංකිකයන් නිරුපද්‍රිතයි…

  • September 19, 2016 at 1:24 am
    Permalink

    යන්තම් ඇති අපේ කට්ටිය යහතින්

    Reply
  • September 19, 2016 at 1:25 am
    Permalink

    ලකී අයියේ ඔයා සෆේ කියලා දැනගත්තේ මේ කෙන් රන්ජි ම්ල්ලි ඒ වෙලාවේ කොහ්ර්ද හිටියේ? කථා කරන්න -මෙත්සිරි

    Reply
  • September 19, 2016 at 1:27 am
    Permalink

    අර තොප්පි දන ත්රස්තවාද ය හැමතැනම

    Reply
  • September 19, 2016 at 1:28 am
    Permalink

    ඔබාමා නිදිද -ගංජා ගහනවද?

    Reply

Leave a Reply

Your email address will not be published.