පංච මාර සේනාව සහ මෙගා ඩීල් සංස්කෘතිය- චම්පික රහස් රැසක් හෙළිදරව් කරයි

 

champika-ranawaka

ආලාපාළු ආර්ථිකය (Doom – Boom Economy)  නම් ග‍්‍රන්ථය එළි දක්වමින්  හිටපු ඇමති චම්පිකරණවක කියා සිටීයේ නොයෙකුත් යටි  අරමුණු ඉටු කිරීම සඳහා  ආර්ථිකය මෙහයවීමට කටයුතු කෙරෙමින් තිබෙන බවයි.

 

අද ශ්‍රී ලංකා ආර්ථිකය මෙහෙයවන ‘මෙගා ඩීල්’ කරුවන් ගැනත්  චම්පික රණවක පෙන්වා දුන්නේය.

ඇතැම් ඇමතිවරුන්ගේ සහ නිලධාරීන්ගේ අවශ්‍යතා පරිදි සිදු කොට ඇති රටට අහිතකර ගණුදෙනු, කැසිනෝ ව්‍යාපාරය , අසාර්ථක හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපල ඇතුළු ව්‍යාපෘති ගැනත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලි චම්පික රණවකගේ ‘ආර්ථික ආලාපාළු’ කෘතියේ අවධානය යොමුව ඇත.

රාජ්‍ය ණය, ජල සම්පාදන මණ්ඩලය, වරාය, විදුලි බල මණ්ඩලය ආදී ආයතන  උපයෝගී කර ගනිමින් රාජ්‍ය ණය සැගවීමක් සිදු කෙරෙන බව  රණවක මහතා පෙන්වා දෙයි.

මෙවැනි මූල්‍ය වංචා සහ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරන පාර්ශය හඳුනාගනිමින් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගැනීම ජාතික අවශ්‍යතාවකි. දූෂණ වංචා හඳුනාගැනීම ඒවාට එරෙහි ක්‍රියාමාර්ග ගැනීම සඳහා බලගතු දූෂණ මර්දන කොමිසමක් මෛත්‍රීපාල සිරිසේන පාලනයක් යටතේ ස්ථාපනය කරන බව රණවක මහතා වැඩිදුරටත් පැවසිය.

[vsw id=”/kfcTif-_3F8″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.