පළාත් පාලන මැතිවරණ : තවත් කඩවෙන පොරොන්දුවක්ද ?

Ranil Wickramasingheපළාත් පාලන මැතිවරණය නොවැම්බර් අවසන් සතියේ පැවැත්වීමට දේශපාලන පක්ෂ නායකයන් එකඟත්වයට පැමිණ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටී. මීට පෙරත් පළාත් පාලන ඡන්ද දින ප්‍රකාශයට පත්වී ඇතත් නොයෙක් හේතු දක්වමින් පළාත් පාලන මැතිවරණ කල් දමා ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවති පක්ෂ නායකවරුන්ගේ සාකාච්ඡාවේදී මෙම එකඟතාවටය පැමිණ තිබෙන බව වාර්තා වී ඇතත් දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇත්තේ යෝජිත මැතිවරණ ක්‍රමයට තමන් එකඟ නොවන බවයි පත් කෙරෙන පළාත් පාලන මන්ත්‍රීවරුන් ගේ ගණන 9,000 සිට 4,500 දක්වා අඩු කිරීමට යෝජිතය.

කොට්ඨාස ක්‍රමයට සියයට හැටක් සහ සමානුපාතික ක්‍රමයට සියයට 40ක් ලෙස නියෝජනය වන පරිදි සභිකයන් තොරා ගැනීමට සාකච්ඡා වී තිබේ.
මෙම වෙනස්කම් සැප්තැම්බරයට පෙර කරගත හැකිවේද යන්න ප්‍රශ්නයකි.

අනෙක් අතට දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුහුණ පා සිටින අර්බුදය හමුවේ මෙම පළාත් පාලන මැතිවරණ වලට මුණ දීම ඔවුන්ට අවාසිදායක විය හැකිය. මේ තත්වය නිසා කුමන හෝ හේතුවක් පෙන්වා එය මග හැරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙන්ම ඒකාබද්ධ විපක්ෂයට වාසිදායක විය හැකිය. එක්සත් ජාතික පක්ෂයටද පළාත් පාලන මැතිවරණ වලට මුහුණ දීමේදී දකුණේ ඇතැම් ස්ථාන වල දී අභියෝගාත්මක වාතාවරණයකට මුණ දීමට සිදුවිය හැකිය. මෙහෙයින් මේ පිළිබඳව කතා කර කර සිටීම හැම දෙනාටම වාසිදායක විය හැකිය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!