ප්‍රචණ්ඩත්වය වලක්වන්න චන්ද්‍රිකා ජාත්‍යන්තරයට කරන ඉල්ලීම දුර දිග යා හැකියි

CBK-300x213

 

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ඇගේ නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා  සිටීයේ සාධාරණ  ජනාධිපතිවරණයක් බලාපොරොත්තුවිය නොහැකි බවයි.

ආණ්ඩුව  අසාධාරණ ලෙස ජනාධිපතිවරණ ප්‍රතිපලය වෙනස් කිරීමට  කටයුතු කිරීමට ඉඩ තිබෙන බවයි ඇය කියා සිටීයේ.

මේ පිළිබඳ මෛත්‍රිපාල සිරිසේන මහතා ජනවාරි මස  මුලදී තානාපතිවරුන් දැනුවත් කරන බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.

දැන් දැන් සාධාරණ මැතිවරණයකට කෙරෙන බාධා සහ මැතිවරණ ජයග්‍රහණය බලහත්කාරයෙන් උදුරා ගැනීම විපක්ෂයේ තේමාවක් හැටියට ඉස්මතු වෙමින් පවතී.

ගමන හොඳින් අවසන් නොවන බව

‘මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිවරණයෙන් ජයගන්නා බව ඒකාන්තයි. රට තොට බලන විට, සාමාන්‍ය අංක ගණිතය දන්න ඕනෑම කෙනෙකුට එය තේරුම් යනවා.රජය මහජන මතයට එරෙහිව යන බව පේනවා. මේ ගමන හොඳින් අවසන් නොවන බව පේනවා.’ යැයි ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්  කොළොන්න දී රැස්වීමක් අමතමින් කියා සිටියහ.

මේ අතරවාරේ මෛත්‍රීපාල සිරිසේන මහතා රැස්වීම් කීපයකදී කියා  සිටීයේ තම ජයග්‍රහනය

බලහත්කාරයෙන් උදුරා ගැනීමට තැත් කළහොත් තමන් වීදී අරගලයකට අවතීර්ණ වන බවයි.

 ප්‍රචණ්ඩ සුළි සුලග 

මේ සියල්ලෙන්ම පෙනී යන්නේ විපක්ෂය ලග එන ප්‍රචණ්ඩ සුළි සුලගකට සුදානම් වන බවයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ප්‍රචාරන වැඩපිළිවෙල නිරන්තරයෙන්ම ඇගයීමට ලක් වෙන් අතර දැනට හොයා ගෙන ඇති පරිදි  නාගරික සහ උප නාගරික ජන කොටස් හරහා රැල්ලක් ගොඩ නැගෙන පවතින නමුත් ග්‍රාමීය ප්‍රදේශ දැනුවත් කිරීමේ අභියෝගය පවතී.

ග්‍රාමීය ප්‍රදේශ වල පවත්වන කුඩා  පරිමාණ  ප්‍රචාරන රැස්වීම් සහ ගෙයින් ගෙට යැමේදී එල්ල විය හැකි තර්ජන වලට මුහුණ දිය හැකි ආකාරය පිළිබඳව ප්‍රචාරණ මෙහෙයුම් කමිටුවේදී දීර්ඝ වශයෙන්   සාකච්චා වී තිබේ.

බිම් මට්ටමේ ප්‍රචාරණ කටයුතු ව්‍යාප්ත කළ සැනින් පාක්ෂිකයින්ට ප්‍රහාර එල්ල වීම වැඩි විය හැකි බවට එහිදී අදහස් පල වී තිබේ.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.