ප්‍රතිපත්ති ගැන වාදයකට එන්න-ගම්මන්පිලට හෙළ උරුමයෙන් ඇරයුමක්

gammm

ප්‍රතිපත්තිමය කාරණයක් මත ජාතික හෙළ උරුමය හැර දමා ගියේ පවසන උදය ගම්මන්පිල මහතාට වාදයකට එන්නැයි ජාතික හල උරුමයෙන් ඇරයුමක් කොට  තිබේ.

 

උදය ගම්මන්පිල මහතා ජාතික හෙළ උරුමය පක්‍ෂය අතහැරයාමෙන් පසුව  ඔහු ප‍්‍රකාශ කරන ප‍්‍රධානතම මුසාව වශයෙන් ඔහුගේ ඉවත්වීමට හේතුව ප‍්‍රතිපත්තිමය කරුණක්ය යන්න බව ජාතික  හෙළ උරුමය කියා සිටී.

ඔහු ඉවත්වන තෙක් කිසිම දිනෙක උදය ගම්මන්පිල මහතා කිසිදු ප‍්‍රතිපත්තිමය ගැටළුවක් පක්‍ෂයේ කිසිදු සභාවකදී ඉදිරිපත් නොකළ බවත්  ආණ්ඩුවට යාමට පෙර දින රාති‍්‍රයේ එකොළහ වනතුරු ඔහු සිටියේ පක්‍ෂයේ නායකයන් සමඟ බවත් කියන ජාතික හෙළ උරුමය ඔය කියන ‘‘ප‍්‍රතිපත්තිමය ගැටළුව’’ හෝ තමන් ඊළඟ දිනයේ කරන්නට නියමිත දෙය ගැන කිසිවක්ම එළියට දුන්නේ නැති බව කියා සිටී.

gamman4

ජාතික හෙළ උරුමය මගින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනයේ මෙසේ ද  දැක්වේ.

දෙවන අසත්‍යය වන්නේ ඔහු මෛතී‍්‍රපාල සිරිසේන මහතාට පක්ෂව කිසිවක්ම නොකළ බව පැවසීමයි. ඔහු ජාතික හෙළ උරුමයෙන් ඉවත්වූයේ 11වෙනිදා උදෑසන වන අතර 8 වෙනි සඳුදා රාති‍්‍රයේ දීත් ඔහු මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ එක් කමිටුවක නායකත්වය ද දරමින් පැය ගණනාවක් තිස්සේ අන් අය සමඟ එක්ව ඊට ආදාළ සැළසුම් ද සකස් කළ බව එදා එහි සිටි තිහ හතලිහක පිරිස හොඳාකාරවම දනිති.තම ආත්මයම පාවාදුන් මිනිසෙකුට කිව නොහැකි කළ නොහැකි බොරුවක් නැත.

තුන්වන බොරුව නම් තම ඉවත්වීම තමන් විසින් පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම්වරයාට දැනුම් දුන්නේය යන්නයි. ඇත්තෙන්ම ඔහු ඉවත්වන දිනට පෙර දින දහවල් 12 ට පමණ ඔහු ප‍්‍රධාන ලේකම්වරයා වන චම්පික රණවක මහතා හමුවී දැනුම් දුන්නේ තමන් තරමක් නිහඬව සිටීමට අදහස් කරන බව පමණි. එසේ නැතුව පක්‍ෂය පාවා දෙමින් ආණ්ඩුවට එක්වන බවක් ගම්මන්පිල මහතා කිසිසේත්ම සඳහන් කළේ නැත.

 

gammanpila

සිව්වෙනුව, කිසිවෙකුටවත් තමන් සමඟ ඒමට නොකී බවත් එහෙත් පක්‍ෂයේ සමහර සාමාජිකයන් තමන් සොයා පැමිණ තමන්ට කැමැත්තෙන්ම සහයෝගය දුන් බවත් පවසයි. තමුත් ඇත්තම තත්ත්වය නම් පසුදින සිටම විශේෂයෙන්ම ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන්ට දිනකට දුරකතන ඇමතුම් 20ක් 30ක් දෙමින් ඔවුන්ව ආණ්ඩුවට එක් කර ගන්නට ඔහු මෙහෙයුමක් දියත් කළේය යන්නයි. එහිදී ඔහු අවදාරණය කළේ ඊනීයා ප‍්‍රතිපත්ති නොව ප‍්‍රතිපාදන බවද වගකීමෙන් යුතුව පවසමු. අවසානාවකට ආණ්ඩුවේ මේ දූෂිත මජර ක‍්‍රමයෙහි ගොදුරු බවට පත්ව සිටි කිහිප දෙනෙකු ආණ්ඩුව වෙත දක්කාගෙන යාමට ඔහු සමත්වී ඇත. කෙසේවෙතත් පක්‍ෂයේ නායකත්වය හොබවන අතිපූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමිපාණන්වහන්සේව ද තම පාපී අරමුණට එක්කර ගැනීඹට ඔහු කොතෙකුත් උත්සාහ කළ ද උන්වහන්සේ ඔහු අඩුම තරමින් හමුවීමටවත් කැමැති නැති බව අප සිහිපත් කරනුයේ මහත් ගෞරවයනි.

පස්වනුව රටට සිදුවන්නට නියමිත කුමක්දෝ මහා විනාශයක් වළක්වන්නට අන් කිසිදු ක‍්‍රමයක් නොවු බැවින් තමන් අවසානයේ දී ආණ්ඩුවට එක් වූ බව ඔහු පවසයි. ඔහු ඔහුටම තිබුණයැයි දැන් කියන ප‍්‍රතිපත්තිමය ප‍්‍රශ්නය කුමන අවස්ථාවක හෝ ඉදිරිපත් කළේ නම් ඕනෑම විටක ඔය කියන විනාශය පක්ෂයක් ලෙස සාමූහිකව නවතා ගැනීමට ඔහුට හැකියාව තිබිණී. පක්‍ෂය හැරයන්නට පෙරදිනයේ දීත් චම්පික රණවක මහතා ඔහුට පැවසුවේ ගම්මන්පිල මහතාට කුමන හෝ ගැටළුවක් ඇත්නම් දැන් වූවද මැතිවරණයේ දී නිහඬව සිටීම වැනි කුමන හෝ කි‍්‍රයාමාර්ගයක් සාමූහිකව ගතහැකි බවයි.එහෙත් ඔහු ඊට කැමති නොවී ඒ අනුව ඔහුට අවශ්‍ය වූයේ පක්‍ෂයවත් රටවත් අඩුම තරමේ ජනාධිපතිවරණයාවත් බේරා ගැනීම නොව වෙනත් පෞද්ගලික අරමුණක් සාක්‍ෂාත් කර ගැනීමටය යන්න ඉතා පැහැදිලිය.

‘‘ඔහු දැන් ඉදිරිපත් කරන ප‍්‍රතිපත්තිමය ගැටළුව’’ ගැන පුවත්පත් නිවේදනයකින් පිළිතුරු දිය නොහැකි බැවින් ඒ සඳහා වූ විවෘත මහජන වේදිකාවේ සංවාදයකට ආරාධනා කරමු. ප‍්‍රතිපත්තිමය ගැටළ්ව ඇත්තටම විසඳා ගැනීමට අවශ්‍ය නම් දැනට තමන් විසින් පාළු ගෙයි වළං බිඳීමටත් විවිධ අසත්‍යයන් ගොබෙල්ස් න්‍යායන් හරහා තහවුරු කිරීමටත් භාවිතා කරමින් ඇති රාජ්‍ය මාධ්‍යයන් ඒ සඳහා යොදා ගැනීම ගැන අපගේ පිළිකුල හා අප‍්‍රසාදය පළකර සිටින අතර ගම්මන්පිල මහතාට මහජන වේදිකාවකට අප ආරාධනා කරමු

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.