ප්‍රශ්න වලට උත්තර ඕනේ – මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්

Suresh-Premachandran_1
නාම යෝජනා භාර ගැනීම අවසන් වූ පසුව    ජනාධිපතිවරණයේදී සහාය ලබා දේන්නේ දේන්නේ කාටද යන්න පිළිබඳව ප්‍රකාශයට පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් වව්නියාවේදී කියා සිටියේය.

ව්ධායක ජනාධිපති ක්‍රමය අහෝසිකළ යුතු බවත් මේ රටේ එක පවුලක් දුෂිත ලෙස රට පානය කරන බව තමන් පිළිගන්නා නමුත් දෙමළ ජනතාවට සුවිශේෂ වූ ප්‍රශ්න තිබෙන බව පිළිගත යුතුව ඇතැයි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කළේය.

දෙමල වැසියන් දහස් ගනනකට තාමත් ගේ ගම් බිම් වලට යා නොහැකිව තබෙන බවත් දේශපාලන සිරකරුවන් සහ අනාථ කඳවුරු වල තාමත් ජීවත් වෙන පිරිස් සිටින බව මන්ත්‍රීවරයා පැවසීය.
මේ රටේ සම අයිතියක් තිබෙන ජන කොටසක් හැටියට ජනාධිපති අපේක්ෂකයින් මේ ප්‍රශ්න වලට දෙන පිළිතුරු දැනගැනීමට අවශ්‍ය බව ප්‍රේමචන්ද්‍රන් පෙන්වා දුන්නේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.