ප්‍රාණ ඇපකාර ශ්‍රී ලංකා නැවියන් බේරා ගන්න ඉන්දියාව සමග මෙහෙයුමක්…

යේමනයේ අල් හුඩයිyeman1ඩා වරායේ නාවිකයන් සිරවි සිටින්නේ වෙළෙද ගණුදෙනුවක් හේතුවෙන් බැවින් ඉන්දියාවේද සහාය සහිතව  ඔවුන් නිදහස් කර ගැනිමට අවශ්‍ය කටයුතු උපරිමයෙන් කරමින් සිටිනා බව නියෝජ්‍ය විදේශ ඇමති හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදි අද (06) ප්‍රකාශ කළේය. විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන  මතු කළ ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙසේද කීය.
ශ්‍රී ලාංකික නැවියන් නව දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස යේමනය හා සෞදි අරාබිය අතර පිහිටි අල් හුඩයිඩා වරායේ ත්‍රස්තවාදි කණ්ඩායමක ප්‍රාණඇපකරුවන් ලෙස පත්ව සිටියි. මාස දෙකකට අධික දින ගණනක් සිරවි සිටියි.
එල්.ඒ. පි සිල්වා, එල්. බුලේගොඩ, කේ.ඩි.යු.සි පේ‍ර්මරත්න, ඒ.සි.පි පේ‍ර්මරත්න, කේ.එස්.එස්. රත්නායක, සි. සි ඇන්තනි, කේ.අයි.පි බණ්ඩාර ඒ.එම් රොහාන් සහ වි.ඩබ්ලිව්.ඩි.එස් දර්ශන යන පුද්ගලයන් නව දෙනා තමයි මෙම නැවේ සිටින්නේ.
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වාර්තා කරන ආකාරයට කුඩයිඩ් වරායේ නවතා තිබෙන මෙම නැවේ භාණ්ඩ ගැනුමකරු සහ භාණ්ඩ සැපයුම්කරු අතර ඇති වී තිබෙන වෙළෙද ආරවුලක ප්‍රතිඵලයක් ලෙස තමයි මේ සිද්ධිය වී තිබෙන්නේ.
තවද නැව රදවාගෙන සිටින්නේ හුඩයිඩා ප්‍රදේශය යේමනය විසින් පාලනය කරන ප්‍රදේශයක් නොවෙයි.  ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් මත ඕමානයේ තානාපති කාර්යාලය හා සෞදි අරාබියේ කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරින් ප්‍රශ්නයට විසදුම් ලෙස මේ නැව අයිති සමාගම සමඟ සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටියි.
ශ්‍රී ලංකාවේ වෙළෙද නාවික ලේකම් කාර්යාලය ද විදේශ අමාත්‍යාංශය සමඟ එක්වී මේ ප්‍රශ්නය විසදමින් සිටියි. ඕමානයේ හා සෞදියේ තානාපති කාර්යාලවල මැදිහත්විමෙන් නැවිකයන්ට අවශ්‍ය ආහාර ජලය හා ඉන්ධන බාධාවකින් තොරව සැපයිමට නැව් සමාගම කටයුතු කරමින් සිටියි. මෙම නෞකාව රදවා ඇති ප්‍රදේශය කැරලිකරුවන් විසින් පාලනය කරන නිසා සන්නිවේදන කටයුතු සිදුකිරිම දුෂ්කර වී ඇත.
එම නිසා නැවියන් නිදහස් කර ගැනිමේ කටයුතුවල ප්‍රමාදයක් ඇති වී තිබේ. අදාළ නැවෙහි ඉන්දියානු නැවියන් ද සේවය කරන නිසා ඉන්දියානු රජයත් මේ කාරණයට මැදිහත් වනු ඇතැයි සිතනවා. නාවිකයන් බේරා ගැනිමට අවශ්‍ය සියලූ ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර සියලූ පාර්ශවයන් සමඟ ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටියි. ලැබෙන තොරතුරු මත නැව් සමාගමෙන් වන්දි මුදලක් කව්රුන් හෝ පාර්ශවයක් ඉල්ලා ඇති බවට වාර්තා වී නැත.
නාවිකයන් නිදහස් කර ගැනිමට විදේශ අමාත්‍යාංශය අවශ්‍ය කටයුතු උපරිමයෙන් කරනා බව දන්වා සිටිමි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!