පැත්ත මාරු කළ උදයට චම්පික ගෙන් සුබ පැතුම්

udayag

 

 

ආණ්ඩුවට සහය දැක්වීමට එහා පැත්තට  ගිය උදය ගම්මන්පිල දක්ෂ ලෙස දේශපාලනය කිරීමට දත් අයෙක් බවත් තමන් ඔහුට ඉත  සිතින් සුබපතන බවත් පක්ෂ නායක චම්පික රණවක කියා සිටියේය.

 

ගමම්න්පිල හෙළ උරැමයෙන් ඉවත් වීම පිළිබඳව    පක්‍ෂ මාධ්‍ය ලේකම් නිශාන්ත වර්ණසිංහ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

උදය ගම්මන්පිල මැතිතුමා ජාතික හෙළ උරුමයෙන් ඉවත්වීම

ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය ලේකම් හා බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර උදය ගම්මන්පිලමහතා ජාතික හෙළ උරුමයෙන් ඉවත් වී ඇත. එය සිදු කළේ ප‍්‍රතිපත්තිමය කරුණු මතබව ඒ මහතා සඳහන් කර ඇත. ජාතික හෙළ උරුමයේ ප‍්‍රතිපත්තිය වූයේ අද ලංකාවේ ප‍්‍රමුඛ ජාතික කාර්යභාරය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහ පාලනය ස්ථාපිත කිරීම බව ය.

ඒ අනුව, විධායක ජනාධිපති ධූරය සතු අත්තනෝමතික බලතල සංශෝධනය කිරීම හා අධිකරණ, මැතිවරණ හා දුෂණ වංචා මැඩලීම පිළිබඳ ස්වාධීන කොමිසම බිහිකිරීම මූලික විය. මේවා සිදු කරන නිශ්චිත ආකාරය අවසන් වශයෙන් තීරණය කරනු ලබන්නේ පාර්ලිමේන්තුව විසිනි. එමෙන් ම, පවතින මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් මෙය ජනාධිපතිවරණයට පෙර ඉටුවිය යුතු බව ද, දෙන්නම් කාසිවලට වැඩ කළ නො හැකි බව  ද අපගේ පක්ෂ සම්මේලනයේ දී (2014 ඔක්තෝබර් 19 දින) ප‍්‍රකාශ කළේ ද උදය ගම්මන්පිල මහතා ය.

අප ගේ යෝජනාව තවත් එක පොරොන්දුවක් ලෙස වසර 2005 දී හා 2010 දී ඉදිරිපත් වූ ලෙස මැතිවරණ පොරොන්දුවක් ලෙස 2014 දී ද මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීම කිසිසේත් පිළිගත හැකි තත්වයක් නොවුණු හෙයින් ඒ පිළිබඳව පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග එකගතාවයක් ඇති කර ගනු ලැබී ය. පොදු සන්ධානයේ කවර බලවේග සිටිය ද ඒවා ඉටුකර ගැනීමේ හැකියාව ජාතික හෙළ උරුමය සතුවන බව අපගේ විශ්වාසයයි.

මේ දිනවල ආණ්ඩුවෙන් පිටතට යන අය, ඇතුළට එන අය, සිය තීන්දු, ප‍්‍රතිපත්ති මත ගත් බව, හෘද සාක්ෂිය මත ගත් බව ප‍්‍රචාරය කළ ද ඒ පිළිබඳ ජනතාව තුළ විවිධ මතවාද පැතිර යමින් ඇත. උදය ගම්මන්පිල මහතා මේ තීරණය ගත්තේ එයින් කවර හේතුවක් මත දැයි අපි නො දනිමු. ඒ මහතා ගේ තීරණය අවසාන වශයෙන් ජනතාව විසින් යුක්ති යුක්ත කරනු ඇත.

ස්තුතියි

නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ
මාධ්‍ය ලේකම්

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.