පිල් මාරු අල්ලස් චෝදනා තිස්ස ප්‍රතික්ෂේප කරයි.

tissa pres

 

 

පිල් මාරුවට විශාල මුදලක් ගත් බවට නැගෙන චෝදනා එජාපයේ හිටපු මහ ලේකම්  තිස්ස අත්තනායක මහතා ප්‍රතික්ෂේප කරයි.

පක්ෂ මාරු කිරීම  වෙනුවෙන්  රාජපක්ෂ රෙජීමය රුපියල් ලක්ෂ 2000 කට සහ ලක්ෂ 200 ක් වටිනා සුපිරි රථයකට ද මෛත්‍රී ගෙන් හිස්වූ සෞඛ්‍ය ඇමැති ධූරයටද තිස්ස අත්තනායක මිලදී ගත බවමාධ්‍යවාර්තා පල වී තිබිණ.

මුදලට කිසි දිනක ප්‍රතිපත්ති පාවා නොදෙන බවත්, මහින්ද රාජපක්ෂ ජනපතිට සහාය දුන්නත් තවමත් තමා එජාප සාමාජිකයකු බවත් එජාපයේ හිටපු මහ ලේකම්  තිස්ස අත්තනායක මහතා අද පැවැදි මාධ්‍ය හමුවක දී කීවේය.

මේ මැතිවරණයෙන් ජනපතිගේ ජයග්‍රහණය ස්ථිර බව ද ඔහු පැවසීය.

‘මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කිව්වේ ආණ්ඩුවෙන් 20ක් එක්ක එනවා කියලයි. නමුත් ඔහු 20ක් එක්ක නොවෙයි ආවේ. මේ යන විදියට එජාප සාමාජිකයන්ට සාධාරණයක් වෙන්නේ නෑ. මා කිසි දිනක සල්ලිවලට ප්‍රතිපත්ති පාවා දෙන්නේ නෑ. යැයි තිස්ස අත්තනායක පැවසීය.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.