Un Common Candidate? පොදු අපේක්ෂකයා කවුරු විය හැකිද?

 

විපක්ෂය පවසන පරිදි පොදු අපේක්ෂකයෙක් අවශ්‍ය වී ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරවා ගැනීමටය . එහෙත් ඇත්ත ඊට ඉඳුරාම වෙනස්ය. විපක්ෂයට ජනාධිපති මහින්ද රාජපක්ෂට තරඟයක් දිය නොහැකි බවක් පෙනෙන්නට තිබෙන අතර පොදු අපේක්ෂකයෙක් හෝ යොදවා ජනාධිපතිවරණය ජයග්‍රහණය  කිරීම පිළිබඳව ස්ථීර විශ්වාසයක් නැතත් තරඟය අත්හැර නිකම්ම  ඉන්නටත් බැරිය.මන්ද යත්, විපක්ෂය යම්කිසි  දේශපාලන ක්‍රියාකාරිත්වයක් පෙන්විය යුතුව ඇති හෙයිනි

 

maduluwawe soboitha

.

මේ හෙයින් කුමක් හෝ කළයුතු නිසා පොදු අපේක්ෂයෙක් පිළිබඳ කතිකාවක් මතුවී තිබේ. දැනට පොදු අපේක්ෂක ධුරය සඳහා ඉදිරියෙන්ම පෙනීසිටින අ‍පේක්ෂකයෙක් වන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන්ය. උන්වහන්සේ හට සමස්ත විපක්ෂයේම සහයෝගය ලබාගත හැකිද යන්න ප්‍රශ්ණයකි.

 

sarath fonseka2

ජනතා විමුක්ති පෙරමුණ සහ සරත් ෆොන්සේකා මැතිවරණ ක්ෂේත්‍රය තුල පෙරට එන බවක් දක්නට ඇති අවස්ථාවේදී මේ දෙපිරිසම පොදු අපේක්ෂකයෙකුට එකඟවෙතැයි සිතීම අසිරුය. අනෙක් අතට එක්සත් ජාතික පක්ෂයට රනිල් වික්‍රමසිංහ හැර වෙනත් කෙනෙක් ඉදිරියට දැමීමේ හැකියාවක් නොමැත. මේ හෙයින් පොදු අපේක්ෂකත්වය රනිල් වික්‍රමසිංහ හට ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කිරීමට ඉඩ ඇත.

 

anurakumara1

 

අනෙක් අතට පසුගිය පළාත්සභා මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයට 26% කුත්, ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමුණ සහ  ජනතා විමුක්ති පෙරමුණ 10%  බැඟිනුත්, 40%  ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇත. මීට  දෙමළ ජාතික සන්ධානයේ ඡන්දත් එකතුකළහොත් පොදු විපක්ෂයකට 50% ඉක්මවා ඡන්ද ගතහැකි බවට විශ්වාසයක් ඇති කරගත හැකිය. අනෙක් අතට මුස්ලිම් කොංග්‍රසයත් පොදු විපක්ෂයට එක්වීමට ඉඩ තිබේ.

 

ranilw

 

මේ අනුව බලන විට  පොදු අපේක්ෂකයා  යනු විපක්ෂයේ මෙන්ම ආණ්ඩුපක්ෂය තුළ කළකිරීමට පත්ව සිටින පිරිස් වල සිහිනය බවට පත්වීමට ඉඩ ඇත.

එහෙත් මේ සිහිනය යථාර්ථයක් බවට පත්වීමට ඇති ප්‍රබලතම බාධාව වන්නේ ශ්‍රී ලංකා විපක්ෂයට පොදු වැඩ පිළිවෙලක් නැති කමයි. විපක්ෂයේ දේශපාලන පක්ෂ අතරේ තිබෙන බරපතල පරස්පර විරෝධතා මෙන්ම බලය ගත් පසු (කීයක් හෝ අතපත ගා ගන්නවා හැර) තමන් කුමක් කළයුතුද යන්න පිළිබඳ නිශ්චිත ක්‍රියාමාර්ගයක් නොමැති වීම නිසා පොදු අපේක්ෂකයා යනු විපක්ෂය තවත් බේද කරන වැඩපිළිවෙලක් විය හැකිය.

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.