පොදු විපක්ෂය සමග අවබෝධතා ගිවිසුමට හෙළ උරුමය නැහැ .

mou signing

ඉදිරි ජනාධිපතිවරණයේදී මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහාය දැක්වීම සඳහා වූ ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවය කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී  අත්සන් කෙරුණත් ජාතික හෙළ  උරුමය එම  අවස්ථාවට සහභාගී වුනේ නැත .
 ගිවිසුමට මුලින්ම අත්සන් තැබූයේ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතායි. පසුව මෛති‍්‍රපාල සිරිසේන මහතාද , හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද ඊට අත්සන් තැබුහ .සරත් ෆොන්සේකා, අර්ජුන රණතුංග, එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන සහ රාජිත සේනාරත්න යන මහත්වරුන් මෙම ගිවිසුමට අත්සන් තැබූ අතර . පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ද  ගිවිසුමට  අත්සන් තැබුහ .
 
සරත් ෆොන්සේකා කියා සිටියේ තමන්ගේ පක්ෂය පොදු වැඩපිළිවෙලේ සීයට අසුවක් පමණ වූ කරුණු වලට එකඟ වන  අතර ඉතිරි සීයට විස්ස ගැන තමන් මෛති‍්‍රපාල සිරිසේන  සමග සාකච්චා කොට ගැටළු නිරාකරණය කරගන්නා බවයි . 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.