පොලිස් සැකකරුවන් ඝාතන ස්ථානයට රැගෙන එයි…

yapanaya
යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනාට පොලීසිය විසින් වෙඩි තැබුවේ යැයි කියන ස්ථානයට 26 දා දහවල් දැනට අත් අඩංගුවට ගෙන සිටින සැකකරුවන් පස් දෙනා විශේෂ ආරක්ෂාවක් මධ්‍යයේ රැගෙන්විත් තිබේ.

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යාපනය අධිකරණයෙන් ලබාගන්නා ලද විශේෂ අවසරයක් මත ඔවුන් මේ ස්ථානයට රැගෙන විත් ඇති අතර එම ස්ථානය තවදුරටත් පරීක්ෂා කිරීමේදී ටී.56 වර්ගයේ ගිණි අවියක භාවිත කරණ ලද පතුරම් කොපුවක්ද හමු වී තිබේ.
මේ අතර 25 දා හර්තාලය පැවති අවස්ථාවේදී පොලිස් ජීප් රථයකට සමාන රථයකින් පැමිණි පිරිසක් පහර දුන් බව කියන සාමාන්‍ය වැසියන් yapanaya-1තුන්දෙනෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කොට තිබේ.

ඔවුන්ගේ ඥාතීන් විසින් මනිපායි පොලීසියට 26 දා මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇතත් තමන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබදව ඇති බිය නිසා ඒ ගැන මාධ්‍යයට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව පැවසීය. පසුගිය 24 වෙනිදා යාපනයේදී විරෝධතාවයක් පැවැත්වූ යාපනය විශ්ව විද්‍යලයේ මහා ශිෂ්‍ය සංගමය උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වෙත බාරදුන් ලිපිය ඔහු විසින් yapanaya-2ජනාධිපතිවරයාට යොමු කළ බව සහතික කෙරෙන ලිපියක් 26 දා ශිෂ්‍ය සංගමය වෙත එවා තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.