පෝට් සිටි ගිවිසුම අත්සන් කරන්න රනිල් හෙට චීනයට…

port-city-colomboපෝට් සිටි ගිවිසුම අත්සන් කිරීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  හෙට දිවයිනෙන් පිටත්ව චීනය බලා යන්නේය. අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය කියන්නේ හෙට සිට 17 දා දක්වා මේ චාරිකාව නිරිත දිග චීනයේ කෙරන බවත් මෙය නිරීක්ෂණ චාරිකාවක් බවත්ය.

විශේෂත්වය වන්නේ පෝට් සිටි ව්‍යාපෘතිය සදහා විශේෂ විරෝධතාවක් දැක්වූ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවකත් මේ අවස්ථාවට සහභාගී වීමය.

මිට අමතරව මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ  , ආපදා කළමණාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, , අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, බස්නාහිර මහනගර සැලසුම් ව්‍යාපෘතියේ සභාපති අජිත ද කොස්තා, සංවර්ධන ඒජන්සියේ කළමනාකරණ අධ්‍යක්‍ෂ මංගල යාපා, දකුණු සංවර්ධන මණ්ඩලයේ සභාපති ශිරන්ත හේරත්, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ උපදේශක රයන් රොක්වුඩ්   මේ සංචාරයට එක්වෙති.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!