බස්නාහිර අයවැය සම්මතයි-එත් උණසුම්

 

මහ ඇමැති ප්‍රසන්න රණතුංග
මහ ඇමැති ප්‍රසන්න රණතුංග

 

 

ලබන 2015 වසර සඳහා වූ බස්නාහිර පළාත් සභාවේ අය වැය වැඩි ඡන්ද 14කින් සම්මත වී ඇත විය.

අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 55ක් හා විරුද්ධව ඡන්ද 42ක් ද ලැබී තිබින.

මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පල කරමින් මෙම පළාත් සභාවේ අයවැය පරාජය කිරීමේ සූදානමක් තිබූ බව ප්‍රචාරය වී තිබුණ අතර
ජාතික හෙළ උරුමයේ උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා කියා සිටියේ එවැනි සුදානමක් නොමැති බවයි.

එක්සත් ජාතික පක්ෂ, ප්‍රජාතන්තවාදී පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව ඡන්දය දුන්හ.
ජාතික හෙළ උරුමයේ මන්ත්‍රීවරුන් තිදෙනා, මනෝ ගනේෂන් ඇතුළු අට දෙනෙක් සභාවට පැමිණ නොසිටියහ.
ඡන්ද විමසීම අවසන්වී මහ ඇමැති ප්‍රසන්න රණතුංග කීවේ බස්නාහිර පළාත් සභාවේ බලය විපක්ෂයට ගැනීමේ මෙහෙයුමක් තිබූ නමුත් එය හීනයක්ම වූ බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.