බැදුම්කර හෙළිදරව්වෙන් අලි කලබල වෙති – රවීට අර්ජුන් ගෙන් සුපිරි ගෙවල්

ravi-arjunමේ දිනවල බැදුම්කර කොමිසම හමුවේ හෙළිදරව් වන තොරතුරු තමන්ට දැඩි ලෙස අවාසි ගෙන් දෙන බවයි ඔවුන් කියා සිටින්නේ. රනිල් වික්‍රමසිංහ බැඳුම්කර සිදුවීමේදී වරදක් සිදුවී නැති බව පවසද්දී සන්ඩේ ටයිම්ස් පුවත්පත කියා සිටියේ මේ මගින් ඇතිවෙන කළු පල්ලම කිසි දිනක මැකිය නොහැකි එකක් බවයි.

දැන් මේ ගලන්නේ කළු තෙල් ගඟකි. අර්ජුන් ඇලෝසියස් ගේ ලැප්ටොප් හා ජංගම දුරකථන දැන් කොමිසම විසින් පරීක්ෂා කරමින් සිටින අතර තතු දත් පිරිස් පවසන්නේ තවත් අපුරු තොරතුරු හෙළිදරව් විය හැකි බවයි.

දැන් එක්සත් ජාතික පක්ෂයට කිව හැකි එකම දේ තමන් මේ සිදුවීම යටපත් නොකොට විමර්ශනයකට ඉඩ දුන් නිසා මේ තොරතුරු හෙළිදරව් වන බවයි.
විනෝදනී විජේසූරිය මෙනෙවිය කොමිසමට කියා සිටියේ රවි කරුණානායක සිය බිරිය සහ දියණිය සමඟ ජීවත් ව ඇත්තේ එවකට මහ බැංකු අධිපති වූ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් විසින් අතිවිශාල බදු මුදලක් ගෙවා රැගෙන දුන් අති සුඛෝපභෝගී මහල් නිවාස ඒකක යුගලයකය.

වැඩේ එතැනින් නතර වුනේ නැත.

හත් මසකට පසු එම නිවාස ඒකක දෙකම රුපියල් මිලියන 165කට මිලදීගෙන ඇති බවත් විනෝදනී විජේසූරිය මෙනෙවිය පැවසුවාය. කොළඹ ගෝල්ෆේස් හෝටලයට මුහුණ දී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ආසන්නව පිහිටි ‘මොනාක්’ අති සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය පිහිට ඇත.
නිවාස ඒකක යුගලයම අර්ජුන් ඇලෝසියස් විසින් රවි කරුණානායක පවුලේ පදිංචිය සඳහා තම සමාගමෙන් බදු ඔප්පුවකින් ලබා ගත් බවත් මේ සඳහා සම්පූර්ණ වශයෙන් රුපියල් මිලියන 10.2ක (රුපියල් ලක්‍ෂ 102ක) මුදලක් ඔහු ගෙවූ බවද ඇය තහවුරු කළාය.

මේලරීන් කරුණානායක තමා හමුවීමට පැමිණි වහාම යමකුට දුරකතන ඇමතුමක්දී ඔහු කැඳවූ බවද, ඒ අනුව පැමිණි තැනැත්තා ඊට පෙර තමා හඳුනන අර්ජුන් ඇලෝසියස් බවද, රවි කරුණානායකට නිවෙසක් බද්දට ගැනීම සඳහා ඔහු පැමිණියේ කුමන සබඳතාවක් මතද යන්න ගැන තමා මවිතයට පත්වූ බවද ඇය කියා සිටියාය. අර්ජුන් ඇලෝසියස් කෙළින්ම ගනුදෙනුව ගැන කතා කළ බවත් රවි කරුණානායක පවුලේ පදිංචිය සඳහා මෙම නිවාස ඒකක යුගල යොදා ගැනුණනද එය බද්දට ගන්නේ තමා බව ඔහු ආරම්භයේදීම විවෘතවම ප්‍රකාශ කළ බවද ඇය කොමිසමට ප්‍රකාශ කළාය.
රවී කරුණානායක ද ළඟදීමකොමිසම හමුවේ සාක්ෂි දීමට නියමිතය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.