බුදුන් වහන්සේගේ එක් දේශනාවක් – බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්

 

 

brechetpic

 

‘‘තණ්හාවේ දෝසේ- දුටු බුදුන් වහන්සේ- තණ්හාව නසා- විමුක්තිය පතා- නිවන් මග මේ යැයි- පෙන්වා දුන් සේක.

ඉක්බිතිව දවසක්, ගෝලයෝ පිරිසක්- ඇසුවෝය හිමිගෙන්, එක්තරා පැනයක්:
‘තණ්හාව හල විගස, සැණයකින් අප ලබන- ඔබ කියන ඔය නිවන කෙබඳුදැ යි කියනු මැන.

එවිට අප සියලූ දෙන- තණ්හාව නසනු ඇත.

 

lotus

බඹ ලොවට පිවිසීම වාගේද නිවන් සුව-
ඉර මුදුන් වෙලාවේ, විලක් මැද තනි වෙලා- කුසීතව පාවෙමින් සිටින්නා වාගේද-
ඔබ කියන ඔය නිවන, පැහැපත් ද පියකරු ද-
නොඑසේ නම් එය- සිත නැති කය නැති- කිසිම දෙයක් නැති දෙයක්දෝ ස්වාමීනි?
මෙය ඇසූ හිම සඳ- හෝරා ගණනක් වැඩ හිඳ නිසලව- කීවේ මෙලෙස ය:
‘ඔබ ඇසූ පැනයට- පිළිතුරු නැත මට’.

kalaweva

 

එහෙත් එම දිනයේ- සැන්දෑ සමයේ- බෝ රුක් සෙවණේ වැඩ සිටි සමිඳා-
පැන ඇසූ සිය සිසු පිරිස ගිය පසු- එහි සිටි සෙසු දන සැම අමතාලා- දෙසූහ මේ සුළු කතාව උපමා:
‘දවසක් මම ගෙයක් දුටිමි- එය ගින්නට හසුව තිබුණි- රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි-
එහි තුළ මම දනන් දුටිමි- දොර හැර ඔවුනට හඬගා පිටවන්නැ යි මම කීවෙමි.

එහෙත් එදන සැලූණේ නැත- හදිසි බවක් පෙන්නුවෙ නැත. එක් අයෙකුගේ රැවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ-
ගෙයින් පිටත මීට හොඳද- වැසි වසීද සුළඟ තදද- දැවෙන නිවෙස දමා ගොසින්- ඉන්න ගෙයක් තියෙනවාද?
මෙවැනි ප‍්‍රශ්න රාශියක් ය.

මම පිළිතුරු නොදී ඔහුට- නැවත වරක් වුණෙමි නිහඬ.

මට සිතුණා මේ දරුවන් නගන ප‍්‍රශ්න නවත්තන්නේ- ගින්නෙන් නැසුනාම කියා’.

‘‘සත්තකින්ම ප‍්‍රිය දරුවනි, යම් මිනිසෙකු පොලෝ තලේ- තැබූ දෙපා දැවෙන තුරා- වෙන තැනකට නොයාවි නම්- ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න’’.

 

fire

 

එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල.’’ (බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්- සිංහලට පරිවර්තනය කාලෝ ෆොන්සේකා )

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.