බෙලිඅත්තට  රත්තරනින් රේල් පාරක් දාන්න තිබුනා- චම්පික රණවක හෙළිදරව්වට පිළිතුරු ලැබෙයිද?

rail road

 

 

සාමන්‍යයෙන් ආණ්ඩුවේ දුෂණ ගැන විපක්ෂය බොහෝ දේ කියතත් නිශ්චිත තොරතුරු ඉදිරිපත් වෙන්නේ කලාතුරකිනි.හිටපු ඇමති චම්පික රණවක පෙන්වා දෙන ආකාරයට සීයට දහයේ කොමිස් ගැහීම අතීත කාලයට අයත්  සිල්ලර වැඩකි දැන් කොමිස් ගැසීම සීයට පන්දාහ දක්වා ඉහළ ගොස් ඇත.

චම්පික රණවක පෙන්වා දෙන ආකාරයට

 

 

 

*බෙලිඅත්ත -මාතර දුම්රිය මාර්ගය සඳහා වැයවෙන මුදල කිලෝමීටරයක් සඳහා රුපියල්  ලක්‍ෂ 1430 කි.මෙය කිසිසේත්ම සාධාරණිකරණය නොකළ හැකි මුදලකි.

*   පෑලියගොඩ කටුනායක මාර්ගය සඳහාවූ වියදම් කිලෝමීටරයක්  සඳහා මිලියන 1890 කි.මෙයද සාධාරණිකරණය නොකළ හැකි මුදලකි.

*පින්නදුවමාතර මාර්ගය වෙනුවෙන් කිලෝ මීටරයකට රුපියල් 2700ක් ඇස්තමේන්තු කොට ඇති අතර මේ සඳහාවූ කොමිස්  මුදල  700% ඉක්මවයි.

*වාර්තාගත කොමිස් ගැහිල්ලක් සිදු ඇත්තේ කඩවත කෙරවලපිටිය මාර්ගය ඉදිකිරීමේදීය.කිලෝමීටරයක් සඳහා වූ වියදම රුපියල් 7560 වන අතර කොමිස් මුදල 2000% කි

*ආණ්ඩුව 7% ක් තරම් වූ ඉහල පොළියකට  ණය ගනිමින්රජයේ සේවකයින් ගේ පඩි ගෙවමින් සිටී.

 

 

mahinda road

 පිරිසිදු දෑත

මහින්ද රාජපක්ෂ  පවසන ආකාරයට ඔහුගේ දෑත පිරිසිදුය එවැනි අවස්ථාවක හිටපු ඇමති වරයෙකුට මෙවැනි චෝදනා නැගීමට ඉඩ දිය යුතු නැත.

 

පසුගියදා ආණ්ඩුව හැර ගිය   නවීන් දිසානායක තමන්ට අල්ලස්  දීමට උත්සාහ කල බව පැවසූ විට වහාම ඒ ගැන පරීක්ෂණ ආරම්භ කරන්නැයි රහස් පොලීසියට නියෝග  කෙරුවේත් ජනාධිපතිතුමත්ය.

 

චම්පික රණවක හිටපු අම්ත්වරයා මේ නගන අල්ලස් චෝදනා නිදහසින් පසුව බලයට පත් වූ ආණ්ඩුවක් වෙත කෙරෙන බරපතලම චෝදනාවයි.

මේ තත්වය හමුවේ මේ චෝදනා වලට කඩිනමින් සහ වගකිවයුතු ලෙස ප්‍රත්චාර දැක්වීම ආණ්ඩුවේ වගකීම නොවේද?

 

[vsw id=”/pgeOA9nOtoU” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

 

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.